නැනෝ පොහොර මිලියන 49ක් ගිලී

41

නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේ දී අදාළ සැපයුම්කාර සමාගමට රුපියල් මිලියන 49ක වැඩිපුර මුදලක් ගෙවා ඇති බවත් එම මුදල අදාළ සමාගමෙන් ආපසු අයකර ගැනීමට කටයුතු කර නොතිබූ බවත් ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙසේ වැඩිපුර ගෙවනු ලැබූ මුදල අදාළ සමාගමෙන් හෝ නියමිත පරිදි ඇගැයීම් කිරීමකින් තොරව ගෙවීම් කිරීමට තීරණය කරනු ලැබූ පාර්ශ්වයෙන් අයකර ගත යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.

මෙකී පොහොර ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ අතරමැදි සමාගමක් යොදා ගැනීම හේතුවෙන් රජයට අනවශ්‍ය පිරිවැයක් දැරීමට සිදුවී තිබුණි.

නැනෝ නයිට්‍රජන් පොහොර සඳහා අසාමාන්‍ය ලාභයක් සහිත මිලක් ඉදිරිපත් කර තිබුණි. එසේ තිබියදීත් ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව හා ස්ථාවර තාක්ෂණික කමිටුව ඒ පිළිබඳ විදිමත් සොයා බැලීමක් සිදුකර නොතිබූ බව විගණනය මගින් නිර්දේශ කර තිබුණි.

මෙකී පොහොර ගනුදෙනුවේ දී නිසි ක්‍රමවේදයක් අනුගමනය කර නොතිබූ බව නිරීක්ෂණය වී ඇති බව විගණනය මගින් සඳහන් කර ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment