රුපියල් ගෙවා  රුසියාවෙන් තෙල් ගැනීමට  ඉන්දියාව සැරසේ

530

මේ සියල්ල අතරේ සීමාසහිත ඉන්දියන් ඔයිල් සමාගම බොරතෙල් බැරල් මිලියන 3ක් ආනයනය කිරීමට රුසියානු තෙල් සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය ප‍්‍රකාශ කරයි. එය රුසියානු සමාගමක් හා ඉන්දියානු සමාගමක් අතර ගනුදෙනුවක් වේ. යුකේ‍්‍රන ආක‍්‍රමණය නිසා බටහිර රටවල් රුසියාවට එරෙහිව තෙල් ආනයන සම්බාධක ඇතුළු විවිධ බාධක පනවා ඇති නමුත් රුසියානු තෙල් සමාගම්වලින් බොරතෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියානු තෙල් සමාගම්වලට සීමාවන් නොමැත.

 මාර්තු 02 වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යුකේ‍්‍රනය ආක‍්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාව හෙළා දකින යෝජනාවට පක්ෂව රටවල් 141 විරුද්ධව රටවල් 5ක් ඡුන්දය ප‍්‍රකාශ කර තිබිණි. ලොව විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාව ඡුන්දය දීමෙන් වැළකී සිටියේය. ලංකාවද මෙහිදී කිසිදු පාර්ශ්වක් නොගෙන ඡුන්දය දීමෙන් වැළකී සිටියේය. ඇත්තෙන්ම ඉන්දියාව රුසියාවේ ක‍්‍රියාමාර්ග විවේචනය නොකරන්නේ මන්ද? සීතල යුද්ධ සමයේදී ඉන්දියාව සෝවියට් සංගමය සමඟ සබඳතා ගොඩනඟා ගත්තේය. දෙපාර්ශ්වයේ සහයෝගිතාවය සහ අතීත කාමය නිසා එය වර්තමානය දක්වා ගෙන ගොස් ඇත, ඇත්ත හේතුව ඉන්දියාවේ ලොකුම ආයුධ සපයන්නා රුසියාවයි. ඉන්දියාවේ අවි ගබඩාව බොහෝ දුරට සෝවියට් හෝ රුසියානු නිෂ්පාදනයකි. ඉන්දියාවට තම අසල්වැසි පාකිස්තානය මෙන්ම චීනයත් විශාලතම තර්ජනය ලෙස පෙනෙන නිසා රුසියාව ඉතා වැදගත්ය. යුකේ‍්‍රන ආක‍්‍රමණය නිසා නරක අතට හැරුනු වොෂින්ටනය සහ මොස්කව් අතර ගැටුම දිල්ලි ආණ්ඩුව අපහසුතාවට පත් කරයි. 1971 දී රුසියාව හා ඉන්දියාව සාමය, මිත‍්‍රත්වය සහ සහයෝගීතාව පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව එවක සෝවියට් සංගමය සමඟ ඉන්දියාවේ මිත‍්‍රත්වය තහවුරු විය. එම වසරේ, සෝවියට් සංගමය බංග්ලාදේශයේ නිදහසට තුඩු දුන් යුද්ධයේදී ඉන්දියාවට සහය විය.

 මේ සියල්ල අතරේ සීමාසහිත ඉන්දියන් ඔයිල් සමාගම බොරතෙල් බැරල් මිලියන 3ක් ආනයනය කිරීමට රුසියානු තෙල් සමාගමක් සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය ප‍්‍රකාශ කරයි. එය රුසියානු සමාගමක් හා ඉන්දියානු සමාගමක් අතර ගනුදෙනුවක් වේ. යුකේ‍්‍රන ආක‍්‍රමණය නිසා බටහිර රටවල් රුසියාවට එරෙහිව තෙල් ආනයන සම්බාධක ඇතුළු විවිධ බාධක පනවා ඇති නමුත් රුසියානු තෙල් සමාගම්වලින් බොරතෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියානු තෙල් සමාගම්වලට සීමාවන් නොමැත. ආර්ථික සම්බාධක ප‍්‍රවාහයක් හරහා මොස්කව් හුදකලා කිරීමට ඇමෙරිකාව හා එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල් දරන උත්සාහයන් මධ්‍යයේ රුසියාව තෙල් සහ අනෙකුත් භාණ්ඩ සඳහා විශාල වට්ටමක් ලබා දීමට සූදානම්ය. එනිසා ලංකාවටත් වාසියක් අත්වනු ඇත. සෞදි අරාබියට පසු ලෝකයේ දෙවන විශාලතම බොරතෙල් අපනයනකරු වන රුසියාව වේ. යුරෝපයට දිනකට තෙල් බැරල් ලක්ෂ තුනක් අලෙවි කළ රුසියාව දැන් ප‍්‍රශ්නයකට මුහුණදී තිබේ. එනිසා ඉන්දියාවට හා චීනයට තම තෙල් තොග අලෙවි කිරීම රුසියානු ආණ්ඩුවේ අරමුණය. ඉන්දියාව තම රටේ අවශ්‍යතාව වෙනුවෙන් 85% ඉන්ධන ආනයනය කරයි. නමුත් මීට පෙර රුසියාවෙන් ආනයනය කළේ ඉන්ධන සුළු ප‍්‍රමාණයකි. නමුත් ඉන්ධන මිල ඉහළ යාම නිසා රුසියානු තෙල් නැව් ගෙන්වා ගැනීමට දිල්ලි ආණ්ඩුව උන්නදු වේ. ඩොලර්වලින් නොව ඉන්දීය රුපියල් වලින් මුදල් ගෙවා තෙල් මිලදී ගැනීමට සාකච්ඡුා සිදුවේ. මුලදී, එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර රටවල් රුසියාවෙන් තෙල් ආනයනය සඳහා සම්බාධක පැනවීමට අකැමැති වූ අතර, ඕනෑම දරුණු තීරණයක් තෙල් මිල ඉහළ යෑමට තුඩු දෙනු ඇතැයි බිය විය. නමුත් රුසියාව යුකේ‍්‍රනයේ හමුදා ක‍්‍රියාමාර්ගය දිගටම කරගෙන යද්දී, ජනාධිපති ජෝ බයිඩන් මොස්කව් පාලනය කොන් කිරීම සඳහා ආනයනික රුසියානු තෙල් සඳහා එක්සත් ජනපද තහනමක් ප‍්‍රකාශයට පත් කළේය.

 බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් යුකේ‍්‍රන ආක‍්‍රමණයට විරෝධය පළ කරමින් රුසියාවෙන් තෙල් හා ගෑස් ආනයනය නතර තිබේ. සම්බාධක සමඟින්, SWIFT තහනම රුසියානු තෙල් සමාගම්වලට දැඩි හානියක් වී ඇති අතර වට්ටම් ලබාදී ගනුදෙනුකරුවන් රඳවා තබා ගැනීමට මොවුහු උත්සාහ කරති.

 මේ අතර, ඉන්දියාව රුසියාව විසින් වට්ටම් සහිත බොරතෙල් පිරිනැමීම භාර ගැනීම ඇමරිකානු සම්බාධක උල්ලංඝනය කිරීමක් නොවන බව එක්සත් ජනපදය ප‍්‍රකාශ කර තිබේ. ඉන්දියාව දිනකදී ඉන්ධන බැරල් ලක්ෂ 45ක් භාවිත කරයි. 2015 දෙසැම්බර් මාසයේදී රුසියාව දිනකට තෙල් බැරල් මිලියන 11 පමණ සාමාන්‍යයෙන් නිෂ්පාදනය කර ඇත. යුරෝපා සංගමයේ රාජ්‍යයන් රුසියාවේ තෙල් ප‍්‍රධාන සමාගම් වන රෝස්නේෆ්ට්, ට‍්‍රාන්ස්නේෆ්ට් සහ ගැස්ප්‍රොම් යන සමාගම්වලට එරෙහිව නව සම්බාධක පැනවීමට සූදානම්ව සිටින නමුත් ඔවුන්ගෙන් තෙල් මිලදී ගැනීම දිගටම කරගෙන යයි. නිවාස උණුසුම පවත්වාගෙන යෑමට, විදුලිය සහ කර්මාන්ත භාවිතය සඳහා යුරෝපයේ ස්වභාවික ගෑස්වලින් සියයට 40 ක් සහ යුරෝපයේ තෙල්වලින් හතරෙන් එකක් පමණ රුසියාව සපයයි. පෙබරවාරි 28 වැනිදා තෙල් බැරලය ඩොලර් සියය ඉක්මවූ අතර මාර්තු 07 වැනිදා ඩොලර් 139ක් විය. මේ සියල්ලට හේතුවූයේ ජනපති පුටින් යුරෝපයේ දෙවැනි විශාලතම රාජ්‍යය ආක‍්‍රමණය කළ නිසාය. එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් අතරමැදි ((WTI) බොරතෙල් බැරලයක් ඩොලර් 96.44ක් දක්වා, ඩොලර් 6.57කින් (6.4%කින්) පහත වැටී ඇත. ගනුදෙනු ආරම්භයේ දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 97.44ක් තරම් පහත වැටුණු අතර  (WTI) වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් ඩොලර් 93.53ක් දක්වා පහත වැටුනි. එය පෙබරවාරි 25න් පසු වාර්තා වූ අඩුම අගය යි. පසුගිය පෙබරවාරි 24 වැනි බ‍්‍රහස්පතින්දා අලූයම, රුසියානු හමුදා යුකේ‍්‍රන භූමියට ඇතුළුවීමෙන් ඇරඹුණු යුද්ධය, මෙම ලියන මොහොත වන විටත් නිමවී නැත්තේය. යුකේ‍්‍රන – රුසියානු දේශසීමාව කිලෝ මීටර් 2295ක් පමණ දිගය. යුක්රේන වැසියන්ගෙන් 17%ක් රුසියානුවන් වන අතර, යුකේ‍්‍රනයේ නැගෙනහිර හා දකුණු පළාත්වල ඇතැම් ප‍්‍රදේශයන්හි බහුතරය රුසියානුවෝ වෙති. දැනට මතභේදයට ලක්ව ඇති ක‍්‍රිමියා අර්ධද්වීපයේ මිලියන 2.4ක් පමණ වන ජනගහනයෙන් 65%ක්ම රුසියානුවෝ වෙති. නැගෙනහිර යුකේ‍්‍රනයේ රුසියානු හිතවාදී සටන්කාමින් රුසියාවේ සන්නද්ධ හමුදාවල ද සහාය ඇතිව යුකේ‍්‍රන නගරයක් වන මරියුපෝල් වටා දැමූ ‘‘තොන්ඩුව හිරකරනබව” රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ යැයි නොවෝස්ති පුවත් ඒජන්සිය මීට දින කිහිපයකට පෙර වාර්තා කර තිබිණි. සති තුනකට ආසන්න කාලයක් තිස්සේ, මරියුපෝල් නගරය එය මුළුමනින්ම වටලා සිටින රුසියානු හමුදාවන්ගේ නිරන්තර ෂෙල් වෙඩි ප‍්‍රහාරයන්ට ලක්විය. පුද්ගලයන් 300,000ක් පමණ නගරය තුළ සිරවී සිටින නමුත් 30,000ක් පමණ දෙනා පලායෑමට සමත්වී ඇතැයි වාර්තා වේ. මේ අතර, එක්සත් ජනපද නිලධාරීන්

 පසුගිය සතියේ ප‍්‍රකාශ කළේ සටන් නිසා ජීවිතක්ෂයට පත් රුසියානු භටයන්ගේ සංඛ්‍යාව 7,000 ඉක්මවිය හැකි අතර, 14,000ක් පමණ දෙනා තුවාල ලබා ඇති බව යි. මේවා විශ්වාස කළ හැකිද යන්න වෙනම කතාවකි. මන්ද ඇමෙරිකාව හා බටහිර මාධ්‍ය මේ යුද්ධය ගැන ලොවට කියන්නේ වෙනම කතාවකි. ෆේස්බුක් සමාජ මාධ්‍යයෙන් පවා බාධාවකින් තොරව රුසියාවට එරෙහි වෛරී ප‍්‍රකාශන සිදු කළ හැකි බවට එම සමාගම විසින්ම ප‍්‍රකාශ කර ඇත. මෙයින් පෙනෙන්නේ ලෝකය දෙපැත්තට පැහැදිලිව බෙදී ඇති බවයි. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු මේ ගැටුම් නිසා අනුව මිලියන 6.5 ක ජනතාවක් අවතැන් වී ඇති අතර ළමුන් 112 ක් මිය ගොස් තිබේ.

 පසුගිය සෙනසුරාදා දිනයේ යුකේ‍්‍රන ආයුධ ගබඩාවක් විනාශ කිරීම සඳහා රුසියානු හමුදාව හයිපර්සොනික් මිසයිල භාවිත කර තිබිණි. මෙවැන්නක් සිදුවුණේ පළමු වතාවටය. සිය අරමුණ ඉටුකර ගැනීම වෙනුවෙන් ඕනෑම පියවරක් ගැනීමට ජනපති පුටින් පසුබට නොවන බව පැහැදිලිය. මෙම මිසයිල කින්සාල් ලෙස නම් කර තිබේ. මෙම මිසයිලයට ආසන්න වශයෙන් කිලෝමීටර් 1,500-2,000 ක පරාසයක් ඇති අතර න්‍යෂ්ටික බරක් හෝ සාමාන්‍ය බර කිලෝග‍්‍රෑම් 480 පුපුරන ද්‍රව්‍ය රැුගෙන යා හැකිය. මෙම මිසයිලයක දිග මීටර් 8 කි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය හයිපර්සොනික් මිසයිල ප‍්‍රහාරයෙන් ආයුධ ගබඩා විනාශ කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි. මේ ප‍්‍රහාරය එල්ලවූ දිනයේම යුකේ‍්‍රන ජනපතිවරයා නිවේදනය කර සිටියේ රුසියාව සමග අර්ථවත් සාකච්ඡුා සඳහා තමන් සූදානම් බවයි. ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර ලෝකයට අවශ්‍ය මේ ගැටුම තවත් දුරට ගොස් එය රුසියාවට එරෙහි ගරිල්ලා යුද්ධයක් බවට පත්වනු දැකීමය. ඒ සඳහා ඩොලර් බිලියන ගණනින් ලබා දීමට බටහිර ලෝකය නොමසුරු වෙයි.

 යුද්ධය අප අනුමත කරන්නේ නැත. මේ නිසා සිදුව ඇති විනාශය අපමණය. යුකේ‍්‍රනයට බෝම්බ වරුසා පතිතවන නිසා ලංකාවේද තෙල් පෝලිම දිගු වී ඇත. රට තෙලෙන් බැදෙන නිසා ආණ්ඩුවට පලූ පැලෙන්නට බැනුම් අසන්නට සිදුව ඇත. කෙසේවෙතත් ලංකාවටත් රුසියාවෙන් තෙල් ලබා දීමට එක`ගතාවකට පැමිණීම මේ අර්බුද හමුවේ දක්නට ලැබෙන රිදී රේඛාවකි. එයින් ලක්වැසියන්ට සැනසුම් සුසුමක් හෙළන්නට අවස්ථාව උදාවේවායි පතමු.

 චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment