රුසියානු ඒකාබද්ධ හමුදාවේ ප්‍රධානියා බි්‍රතාන්‍ය මිසයිල ප්‍රහාරයෙන් මරුට

1009

රුසියානු ඒකාබද්ධ හමුදාවේ ප්‍රධානියා වූ මේජර් ජනරාල් සර්ජි ගොර්සචේව් බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත මිසයිල ප්‍රහාරයකින් මරුමුවට පත්වී ඇත.

මෙම මිසයිලය බි්‍රතාන්‍ය රජය විසින් යුක්රේනයට ලබාදුන් ස්වෝර්ට් ෂැඩෝ මිසයිලයකි.

සර්ජි ගොර්සවේව් මියයන විට 52 හැවිරිදි වියේ පසුවිය. මේ වසර තුළ මියගිය 11 වැනි රුසියානු ජනරාල්වරයා සර්ජි වේ.

ඔහු සමඟ සිටි තවත් මාණ්ඩලික හමුදා නිලධාරීන් අටක් ද මරුමුවට පත්වී ඇත.

ඔවුන් කර්නල්, ලුතිනන් කර්නල් සහ මේජර් තනතුරු දැරූවන් වේ.

යුක්රේන එස් යූ 35 ප්‍රහාරක යානාවක් විසින් එම මිසයිල ප්‍රහාරය එල්ල කර තිබේ.

දකුණු සාපොරිසියා පෙරමුණේ ගමන් කරන අවස්ථාවේ ජනරාල් සර්ජි ඇතුළු හමුදා කණ්ඩායම එම මිසයිල ප්‍රහාරයට ලක්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment