ඒඩ්ස් හැදුණු දෙදෙනෙක් වව්නියාවෙන් සොයාගැනෙති

224

වවුනියාව මහ රෝහලේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණවල දී එච්. අයි. වී වෛරසය ශරීරගත වූ රෝගීන් දෙදෙනකු 11 දා හමු වී තිබේ.

මේ දෙදෙනාම විදේශ රටවල සිට වවුනියාවට පැමිණි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු වන අතර වෛද්‍ය පරීක්ෂණවලින් පසුව ඔවුන් රෝහලේ එච්.අයි.වී. සායනය වෙත යොමු කොට ඇත.

2003 වසරේ සිට මේ දක්වා වවුනියාව රෝහලෙන් එච්.අයි. වී වෛරසය ශරීරගත වූ පුද්ගලයන් තිස් දෙදෙනකු හමු වී ඇති අතර ඔවුන් සියළුදෙනාම රෝහලේ වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර ලබති.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment