පාරේ හිටිය ගව රැළ වාහන දෙකක් හප්පලා: – අයෙක් බිලි නවයකට තුවාල

251

අලිමංකඩ මාරක අනතුර
ගවයෝ 8කුත් මරුට

ගවයන් අයාලේ යවන අයට එරෙහිව වහා නීති පියවර ගන්න – ප්‍රදේශවාසීහු

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ කිළිනොච්චියේ අලිමංකඩ ප්‍රදේශයේදී ලංගම බසයක් හා වෑන් රථයක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් 9 දෙනකු ඊයේ (24 දා) උදෑසන තුවාල ලබා තිබේ.

අනතුරෙන් තුවාල ලැබූවන් කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ. අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියැදුරා වන අතර තුවාලකරුවන්ද වෑන් රථයේ ගමන් කළ පිරිස වෙයි. බස් රථයේ ගමන් කළ පිරිස තුවාල ලබා නොමැති අතර මෙම අනතුර හේතුවෙන් බස් රථයට හා වෑන් රථයට දැඩි අලාභහානි සිදුව තිබේ.

පාරේ සිටි ගව රැලක් කුලප්පු වී බස්රථය මැදට පැනීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර අනතුර හේතුවෙන් ගවයන් 8 දෙනකු මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇත. මහා මාර්ගයේ ගවයන් නිදැල්ලේ යෑම නිසා මේ දිනවල උතුරේ සෑම පළාතකම රිය අනතුරු ඉතා බහුලව සිදුවන නිසා නීතිය වහා බලගන්වන්නැයි ප්‍රදේශවාසීහු පැවසූහ.

පලෙයි පොලිසිය මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment