තරගකරුවන් 460ක් පරදවා යාපනයේ වෙනුගන් ජාත්‍යන්තර චෙස් තරගාවලියට

185

යාපනයේ කොකුවිල් හින්දු ප්‍රාථමික විද්‍යාලයේ අට හැවිරිදි වෙනුගන් නයනකාෂන් ශිෂ්‍යයා වයස අවුරුදු අටේ ජාත්‍යන්තර චෙස් තරගාවලි කීපයකටම සහභාගි වීමට සුදුසුකම් ලබා තිබේ.

මෙම තරගාවලි මැලේසියාව, ඇල්බේනියාව කසකස්ථානය හා බ්‍රසීලයේ පැවැත්වීමට නියමිතය.

මැලේසියාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලිය, ඇල්බේනියාවේ පැවැත්වෙන ලෝක ශිෂ්‍යභට චෙස් ශූරතාවලිය, බ්‍රසීලයේ පැවැත්වෙන ලෝක යොවුන් චෙස් ශූරතාවලිය, කසකස්තානයේ පැවැත්වෙන ආසියානු යොවුන් චෙස් ශූරතාවලිය සඳහා සහභාගි වීමට ඔහු සුදුසුකම් ලබා ඇත.

මෙම තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා කොළඹ ධර්මපාල විද්‍යාලයේ පැවති තරගවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 460 දෙනෙකු පරදවා ලකුණු නවයෙන් අටක් ලබා ගනිමින් යාපනයේ නයනකාෂන් ශිෂ්‍යයා සුදුසුකම් ලබා ඇත.

වයස අවුරුදු හතරේ සිටම චෙස් ක්‍රීඩාවට නැඹුරු වී සිටින මොහු පසුගිය වසර හතරක කාලය තුළ ඉදිරිපත් වූ තරගවලින් 95% ක්ම ජයග්‍රහණය කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment