හැඳුනුම්පත බලාගෙන ‘ටිං’ දෙන්න සැරසෙයි

201

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව සමූහ වශයෙන් ‘ටින්’ අංකය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමැතිවරයා ඊයේ (24දා) මේ බව ප්‍රකාශ කළේය.

‘ටින්’ අංකය ලබා ගැනීමේ සාමාන්‍ය ක්‍රමවේදය ක්‍රියාත්මක වන අතරතුර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් එය ලබාදීම සඳහා ඊයේ පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගත් බව ඇමැතිවරයා සඳහන් කළේය.

මිලියන 15 කට ආසන්න, වයස අවුරුදු 18 ඉක්ම වූ පුද්ගලයන්ගේ ජීව දත්ත ගබඩාව උපයෝගී කරගෙන මෙහිදී ඔවුන්ගේ ලියාපදිංචිය තොග වශයෙන් සිදු කිරීමත්, එහිදී පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් අංකය උපයෝගී කරගෙන ටින් අංකය ලබාදීමත් සිදු කෙරෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.

ඒ තුළින් රාජ්‍ය ආදායම සම්බන්ධව පැහැදිලි දත්ත පද්ධතියක් රට තුළ නිර්මාණය වන බවත්, ඉදිරියේදී ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමෙන් පසු එම සියලු කාරණා එකට බැඳුණු ශක්තිමත් දත්ත පද්ධතියක් නිර්මාණය වන බවත් අමාත්‍යවරයා එහිදී තවදුරටත් කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment