අරුවක්කාලු කසළ වැඩ මාර්තු මස අවසන් – ඇමැති ප්‍රසන්න

53

පුත්තලම අරුවක්කාලු කසළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු මාර්තු මාසය තුළ අවසන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කසළ ප්‍රවාහනයට දුම්රිය එන්ජින් 04 ක් සහ පෙට්ටි 94 ක් ගෙන්වා ඇතැයි ඇමැතිවරයා කීය.

චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ සවුත් වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරිං ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඔෆ් චයිනා සමාගම විසින් අරුවක්කාලු කසළ අංගණයේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සඳහා රුපියල් මිලියන 5.500ක මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර ඇති බව ද ඇමැතිවරයා කියයි.

රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා ක්‍රියාකරවන්නන් පුහුණු කිරීම ජුනි 30 දක්වා සිදුකිරීමට කොන්ත්‍රාත් සමාගම් කටයුතු කරන බව ද ඇමැතිවරයා කීය.

මෙම ව්‍යාපෘතියේ මුළු පිරිවැය ඇමරිකන් ඩොලර් මිලියන 130 කි. කැලණිය හුවමාරු මධ්‍යස්ථානයේ සිට අරුවක්කාලු කසළ හුවමාරු මධ්‍යස්ථානය දක්වා දුම්රිය මගින් කසළ ප්‍රවාහනය කිරීමට දුම්රිය එන්ජින් 04 ක් සහ පෙට්ටි 94ක් ආනයනය කර ඇත.

මින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment