ගෑස් පිපිරීම් පිළිබඳ විමර්ශන කමිටු වාර්තාව ජනපතිට

328

ගෑස් සිලින්ඩර් ආශි‍්‍රත ගිනි ගැනීම් හා පුපුරා යෑම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ සඳහා විසඳුම් සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව ඊයේ (20 දා) පස්වරුවේ එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

 දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් මෑතක සිට වාර්තා වන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් :ඛඡුඨ* සිලින්ඩර් ආශි‍්‍රත ගිනි ගැනීම්, පුපුරා යෑම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයා නොවැම්බර් මස 30 වැනිදා මෙම කමිටුව පත් කළේය.

 ඒ අනුව කමිටුව සති දෙකක කාලයක් ඇතුළත ලිට්‍රෝ හා ලාෆ් යන ප‍්‍රධාන ගෑස් සමාගම් දෙකෙහි ස්ථාන ගත පරීක්‍ෂාව සහ කරුණු විමසීම් ඇතුළුව ආයතන 11 කින් කරන ලද විමර්ශන, ගිනි ගැනීම් හා පුපුරා යෑම් සිදුවූ ස්ථාන 17 ක්, විiුත් තැපෑල මගින් ලද අදහස් සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව සකස් කර තිබේ.

 මොරටුව විශ්වවිiාලයේ මහාචාර්ය ශාන්ත වල්පලගේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්වවිiාලයේ මහාචාර්ය අජිත් ද අල්විස්, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිiාලයේ මහාචාර්ය ඩබ්. ඞී. ඩබ්. ජයතිලක, මහාචාර්ය ප‍්‍රදීප් ජයවීර, ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි සහ ශී‍්‍ර ලංකා ප‍්‍රමිති ආයතනයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සුජීව මහගම යන මහත්වරු කටයුතු කළහ.

 මොරටුව විශ්වවිiාලයේ ආචාර්ය සාලිය ජයසේකර මහතාගේ සහාය ද ඊට ලබා ගැනිණ.

 ගෑස් සිලින්ඩර ආශි‍්‍රත ගිනි ගැනීම් හා පුපුරා යෑම් පිළිබඳ විමර්ශනය කිරීමේදී සිදුවීම් හඳුනා ගැනීම සහ අනතුරු සඳහා වූ මූලික හේතු යන ප‍්‍රධාන කාරණා දෙක ඔස්සේ පූර්ණ වාර්තාවක් සකස් කළ බව එහි සභාපති ශාන්ත වල්පලගේ මහතා පවසයි.

 පවතින තත්ත්වයෙන් මිදීමට කෙටිකාලීනව සහ දිගුකාලීනව ගතයුතු කි‍්‍රයාමාර්ග කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා යන මහත්වරු සහ කමිටුවේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment