මානව හිමිකම් කොමිසමට කැඳවීම පුදුමයක් – ඇමැති ටිරාන් අලස්

195

මානව හිමිකම් කොමිසමේ සාමාජිකයන් සිව්දෙනාගෙන් විමසීමක් නොකර තමාව අද (13 දා) එම කොමිසමට කැඳවීමට ගත් තීරණය පිළිබඳව මවිතයට පත්වන බව, මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ‘දිවයින’ ට පැවසීය.

මානව හිමිකම් උල්ලංඝනය කරමින් විරෝධතා විසුරුවා හැරීමේ චෝදනාව මත මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අද ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසමට කැඳවා ඇත.

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය සෙසු සාමාජිකයන්ට සිය තීරණය පිළිබඳව දැනුම්දීමක් කර නැති බව ආරංචි වී ඇති බවත් තමාට ඒ බව දැනගැනීමට ලැබුණේ මාධ්‍ය ඔස්සේ බවත් ටිරාන් අලස් ඇමැතිවරයා කියා සිටියේය.
නෝමන් පලිහවඩන

මානව හිමිකම් කොමිසමට ටිරාන් කැඳවා නැතිලු

පසුගිය දිනවල මෙරට පැවැති උද්ඝෝෂණ විසුරුවා හැරීමේදී මානව හිමිකම් කඩකළ බවට ශ්‍රී ලංකා පොලිසිය වෙත විවිධ පාර්ශ්ව එල්ල කර ඇති පැමිණිලි සම්බන්ධව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇමැති ටිරාන් අලස් මහතා මානව හිමිකම් කොමිසමට කැඳවූ බවට පළවූ මාධ්‍ය වාර්තා නිවැරැදි නැතැයි එම කොමිසම කියා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment