හැඳුනුම්පත්වලින් 4%ක දෝෂ

145

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2022 වසර සඳහා මුද්‍රණය කළ ජාතික හැඳුනුම්පත්වලින් සියයට 04ක් දෝෂ සහිත බව ජාතික විගණන කාර්යාලය මගින් එම දෙපාර්තුමේන්තුව සම්බන්ධයෙන් සිදු කළ විගණන වාර්තාවේ දැක්වේ.

2022 වසර සඳහා එම දෙපාර්තුමේන්තුව ජාතික හැඳුනුම්පත් හයලක්‍ෂ විසිඅටදහස් නවසිය හැත්තෑ තුනක් මුද්‍රණය කර තිබුණි. ඉන් හැඳුනුම්පත් විසිදෙදහස් හාරසිය අනූහතක් දෝෂ සහිත බව විගණන වාර්තාවේ සඳහන් වෙයි. මෙකී දෝෂ සහිත හැඳුනුම්පත් PVC හා polycarbonate යන කඩ්පත් වර්ග දෙකෙන්ම මුද්‍රණය කර තිබුණි. මෙම කාඩ්පත් වර්ග දෙක මගින් මුද්‍රණය කරනු ලැබූ දෝෂ සහිත හැඳුනුම්පත් ප්‍රමාණය වෙන වෙනම ඉදිරිපත් කිරීමට දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇත. මේ හේතුවෙන් දෝෂ සහිත හැඳුනුම්පත්වලට අදාළ පිරිවැය ගණනය කිරීම සඳහා තොරතුරු විගණනයට ඉදිරිපත් වී නොතිබූ බව ද විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment