නිර්පාක්‍ෂික අරගලයට එල්ළ කළ පොහොට්ටුවේ පාදඩ ප්‍රහාරයෙන් රටම ගිනිගනී

885

වීරකැටියේ 3ක් මියයති අරගල බිමේ සිටි 130ක් බරපතළ තුවාල ලබති

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ හා ඔහුගේ ආරක්‍ෂකයෙක් ජීවිතක්‍ෂයට

ඇඳිරි නීතිය බදාදා තෙක්

ගාලුමුවදොරදී සජිත්ටත් ප්‍රහාරයක්

ජොන්ස්ටන් – ප්‍රසන්න රණතුංග – රමේෂ් – සනත් – ශෙහාන්- දුමින්ද- අලි සබ්රි ලොකුගේ ඇතුළු පොහොට්ටුවේ ලොක්කන් රැසකගේ නිවෙස්වලට ගිනි තබති

පහරදුන් මැරයන් පලා යමින් සිටි බස්වලටත් එළවා එළවා ජනතාව පහර දෙති

ඇඳිරිය නොතකා රාජ්‍ය, පෞද්ගලික සේවකයෝ හා ජනතාව උද්ඝෝෂණයේ

අරලියගහ මැදුර පසුපස දොරටුව ළඟ ගින්නක්

මහින්ද කුරුණෑගල ගතකරන නිවසත් ගිනිබත්…මැදමුලන දේපළවලටත් හානි

නිර්පාක්‍ෂික අරගලයට එල්ළ කළ පොහොට්ටුවේ පාදඩ ප්‍රහාරයෙන් රටම ගිනිගනී

ජන පීඩක ආණ්ඩුවට එරෙහිව පුරා මාසයක් තිස්සේ ගාලුමුවදොර පිටියේ පැවැති සාමකාමී  ජන අරගල භූමිය වෙත ඊයේ (9 දා) දහවල් කඩාවැදුණු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කළ පොහොට්ටු පක්‍ෂයේ මැරයන් පිරිසක් සාමකාමීව කටයුතු කරමින් සිටි අරගලකරුවන්ට අමානුෂික ලෙස පහරදී එම භූමියේ තිබූ කූඩාරම් සියල්ල කඩා දමා ගිනි තබා විනාශ කළහ.

නිර්පාක්‍ෂික අරගලයට එල්ළ කළ පොහොට්ටුවේ පාදඩ ප්‍රහාරයෙන් රටම ගිනිගනී

පොලිසියේ කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බලා සිටියදී මහින්ද රාජපක්‍ෂට හිතවත් එම පක්‍ෂයේ මැරයන් එල්ල කළ අමානුෂික ප්‍රහාරවලින් අරගලකරුවන් 130 දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කරන්නේ ගාලුමුවදොර අරගල භූමිය විනාශ කළ පුවත සැලවීමත් සමග කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල සිට දහස් ගණනින් පිරිස ගාලුමුවදොර අරගල භූමියට පැමිණීමත් සමගම මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් මැරයෝ හිස් ලූ ලූ අත දිවගොස් පලා ගියහ.

නිර්පාක්‍ෂික අරගලයට එල්ළ කළ පොහොට්ටුවේ පාදඩ ප්‍රහාරයෙන් රටම ගිනිගනී

මේ අතර අරගල භූමිය වෙත එල්ලවූ මැර ප්‍රහාරය පරීක්‍ෂා කිරීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එහි පැමිණි අවස්ථාවේ අරගලකරුවන් ඔහුටද දැඩි විරෝධතා පළ කළහ.

නිර්පාක්‍ෂික අරගලයට එල්ළ කළ පොහොට්ටුවේ පාදඩ ප්‍රහාරයෙන් රටම ගිනිගනී

අරගලකරුවන් පොලු මුගුරු රැගෙන සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔවුන් පැමිණි වාහනවලට ප්‍රහාර එල්ල කිරීමට පටන් ගැනීම නිසා ආරක්‍ෂක නිලධාරීන්ට ඒ මහතා ඇතුළු පිරිස නිරුපද්‍රිතව එම ස්ථානයෙන් රැගෙන යෑමට සිදුවිය. මෙම ගැටුම්කාරී සිද්ධියට හේතු වූයේ මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂව කොළඹට පැමිණි පොහොට්ටු පක්‍ෂයේ දෙදහසකට අධික පිරිසක් ‘ගෝඨාගෝගම’ සහ ‘මයිනාගෝගම’ට ප්‍රහාර එල්ල කිරීමයි.

නිර්පාක්‍ෂික අරගලයට එල්ළ කළ පොහොට්ටුවේ පාදඩ ප්‍රහාරයෙන් රටම ගිනිගනී

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට ධුරයෙන් ඉවත් වී නොයන ලෙස බලකරමින් ඒ මහතාට හිතවත් දෙදහසකට අධික පිරිසක් ඊයේ පෙරවරුවේ අරලිගයහ මන්දිරය වෙත පැමිණ සිටියහ.

දිවයිනේ විවිධ පළාත්වල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පළාත් සභා සහ වෘත්තීය සමිති නායකයන් හා දේශපාලන උදව්කරුවන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අරලිගහ මන්දිරය වෙත පැමිණ සිටියහ. හිටපු ඇමැතිවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු කීප දෙනෙක් එහි රැස්ව සිටි පිරිස් ඇමතූ අතර පසුව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාද රැස්ව සිටි පිරිස අමතා කතා කළේය. එහිදී අගමැතිවරයා කියා සිටියේ ජනතාව වෙනුවෙන් තමා තවදුරටත් පෙනී සිටින බවයි.

නිර්පාක්‍ෂික අරගලයට එල්ළ කළ පොහොට්ටුවේ පාදඩ ප්‍රහාරයෙන් රටම ගිනිගනී

එම රැස්වීමෙන් අනතුරුව ප්‍රීති ඝෝෂා පවත්වමින් සටන් පාඨ කියමින් අරලියගහ මන්දිරයෙන් පිටතට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතාට හිතවත් මැරයෝ ‘මයිනාගෝ හෝම්’ අරගල භූමියට කඩා වැදුණහ.

එම ස්ථානයේ සාමකාමී අරගලයේ යෙදී සිටි භික්‍ෂුන් වහන්සේලා ප්‍රමුඛ සාමාන්‍ය ජනතාවට අමානුෂික ලෙස පහරදුන් මැරයන් එහි තිබූ තාවකාලික කූඩාරම් සියල්ල කඩා බිඳ දමා ගිනි තබා විනාශ කළහ.

‘මයිනාගෝගම’ අරගල භූමිය විනාශ කළ දෙදහසකට අධික මැරයෝ ගාලුපාර ඔස්සේ ගාලුමුවදොර පිහිටි අරගල භූමිය වෙත සටන් පාඨ කියමින් ගමන් කළහ.

මෙම මැරයන් නතර කිරීමට පොලිසිය කිසිදු උත්සාහයක් ගෙන නොතිබූ අතර මාර්ග බාධක හෝ ජල ප්‍රහාරක රථ කිසිවක් එම ස්ථානවල ගෙනවිත් නොතිබිණි.

පොහොට්ටුවේ මැරයන් ගාලුමුවදොර අරගල භූමිය වෙත කඩා වැදී එහි සිටි සාමකාමී අරගලකරුවන්ට ඉතාම අමානුෂික ලෙස පොලු මුගුරුවලින් පහරදී ඇත. එම අවස්ථාවේදී අරගල භූමියේ රැඳී සිටි සාමකාමී අරගලකරුවන් පොලිස් නිලධාරීන් ඉදිරියේ වැඳ වැටෙමින් ඉල්ලා ඇත්තේ තමන්ට එල්ල වන මැර ප්‍රහාර නතර කිරීමට කටයුතු කරන ලෙසයි.

එහෙත් පොලිසිය සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් බලා සිටියදීම මහින්ද රාජපක්‍ෂට පක්‍ෂ මැරයන් අරගල භූමියේ සිටි තරුණයන්ට කාන්තාවන්ට භික්‍ෂූන් වහන්සේලාට ඉතාම අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කළහ.

මැරයන් අරගල භූමියේ කූඩාරම් ගිනි තබා විනාශ කිරීමෙන් පසුව එහි පැමිණි කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ඔවුන් විසුරුවා හැරීමට කටයුතු කළහ.

මෙම අවස්ථාවේ මැරයන්ගේ ප්‍රහාරයට ලක්වූ පිරිස් කියා සිටියේ පොලිසියේ උන් බලා හිටිය අපට ගහනකම්. අපේ දරුවෝ ගුටි කෑවා මරාගෙන මැරෙනවා අපිත් යනුවෙනි.

පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් මැරයන් අරගල භූමියෙන් පලවා හැරීමට කටයුතු කළහ.

ගාලුමුවදොර අරගල භූමිය වෙත මහින්ද රාජපක්‍ෂ මහතාට පක්‍ෂ මැරයන් කඩාවැදී එල්ල කළ මැර ප්‍රහාරය පිළිබඳව සැලවීමත් සමග කාළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල රැඳී සිටි රාජ්‍ය විරෝධී අරගලයට සහාය දැක්වූ පිරිස් වැල නොකැඩී අරගල භූමිය වෙත එන්නට පටන් ගත්හ.

මෙම සිද්ධිය සැලවීමත් සමගම අරගල භූමිය වෙත පැමිණි අරගලකරුවන්ගේ තත්ත්වය පරීක්‍ෂා කිරීමට ජාතික ජනබලවේග පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් එහි පැමිණියහ.

මේ අතර සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස, එරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් පිරිසක් අරගල භූමියට පැමිණි අවස්ථාවේ එහි සිටි පිරිස් ඒ මහතාටද දැඩි විරෝධය පළ කළහ. කෝපයට පත්ව සිටි අරගලකරුවන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසට පොලු මුගුරුවලින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් අතර ආරක්‍ෂක නිලධාරීහු ආරක්‍ෂා සහිතව ඒ මහතා එම ස්ථානයෙන් රැගෙන යෑමට කටයුතු කළහ.

ඒ වන විට දසදහසකට අධික පිරිසක් අරගල භූමිය වෙත පැමිණ සිටි අතර ඔවුහු විරෝධතා පාඨ කියමින් අරලියගහ මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සාහ කළහ.

යුද හමුදාව, කැරලි මර්දන ඒකකය, පොලිසිය එක්ව අරගලකරුවන් අරලිගය මන්දිරය දෙසට යෑම වැළැක්වීම සඳහා දැඩි උත්සාහයක නිරත වූහ.

මේ අතර අරගල භූමිය වෙත කඩා වැදී මැර ප්‍රහාරයක් එල්ල කළ මැරයන් පලා යමින් සිටි බස් රථ අතරමගදී නතර කළ ජනතාව එම බස් රථවලට සහ ඒවායේ පැමිණි මැරයන්ට ප්‍රහාර එල්ල කළහ.

ගාලුමුවදොර පිටියේ අරගල භූමිය වෙත ඊයේ සවස් වන විට දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබිණි.

මේ අතර රට පුරා ඇතිවී තිබූ කලබලකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබිණි.

රජය විසින් පැනවූ පොලිස් ඇඳිරි නීතියද නොතැකූ ලක්‍ෂ සංඛ්‍යාත පිරිස්, රජයේ රෝහල්වල සේවකයන්, වරාය, විදුලිය ඇතුළු රජයේ ආයතන මෙන්ම පුද්ගලික අංශයේ සේවකයන්ද සිය රාජකාරි නතර කර මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට විරෝධය පළ කර මාර්ගවලට පැමිණ විරෝධතා පුවරු සමග ‘ගෝඨාගෝ හෝම්’, ‘මයිනාගෝ හෝම්’, ‘ආණ්ඩුවම ගෙදර පලයව්’ ආදී සටන් පාඨ කියමින් විරෝධතා පළ කරන්නට වූහ.

මෙම අරගලය ජන පීඩනය හමුවේ නිර්මාණය වූ අරගලයක් බවට සහතික කරමින් කොළඹ පමණක් නොව රටපුරා නගරවලට රැස්වූ පොදු මහජනතාව ආණ්ඩුවට සහ අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව සටන් පාඨ කියමින් විරෝධතාවල නිරතවීම විශේෂත්වයකි.

කලක් කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් රාජපක්‍ෂ කඳවුර සමග සමීපව කටයුතු කළ මහින්ද කහඳගම මහතාද ඊයේ (9 දා) ගාලුමුවදොරට ප්‍රහාර එල්ල කිරීමට පැමිණ සිටි අතර කිසියම් පිරිසක් විසින් ඔහුට පහරදී ඇඳුම් ගලවා දමා යට ඇඳුම් පිටින් කොළඹ පුරහල ප්‍රදේශයේ කුණු කාණුවකට තල්ලු කර දමා තිබිණි.

ගාලුමුවදොර විරෝධතාකරුවන්ට පොලු මුගුරුවලින් හා අතින් පයින් පහරදී ආපසු ගම් බිම් බලා පලා යමින් සිටි රාජපක්‍ෂ හිතවාදී මැර පිරිස ගමන් ගත් බස් රථ නවතා එම බස්වලට පහරදී අලාභ හානි කර තිබිණි.

මේ අතර රාජපක්‍ෂ කඳවුරට හිතවත් මැරයින් ප්‍රවාහනය කළ බස් රථවල රියැදුරන් හා රිය සහායකයන් අල්ලා ‘බේරේ වැවට’ දමා තිබූ අයුරු සමාජ මාධ්‍ය හරහා පළ කර තිබිණි.

තිඹිරිගස්යාය, මීගමු පාර, නුවර පාර මෙන්ම අනෙකුත් ප්‍රදේශ හරහා පැන යමින් සිටි රාජපක්‍ෂ පාලනයට හිතවත් මැර පිරිසට ඒ ඒ ප්‍රදේශවල පදිංචි ජනතාව පහරදුන් සිද්ධි ගණනාවක්ම වාර්තා වී තිබිණි. මේ අතර බැකෝ යන්ත්‍ර මගින්ද මැරයන් පැමිණි බස් රථ පොඩි පට්ටම් කර දමා තිබිණි.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන හිතවතුන් සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරය නිසා ඊයේ (9 දා) මුළු රටේම කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබූ අතර රට පුරාම පොලිස් ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීම නිසා රාජකාරි හා අනෙකුත් ගමන් බිමන් ගිය පිරිසට ආපසු ගම් බිම් බලා යෑමේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවිය.

ඊයේ 11.30 ට පමණ ඇති වූ මෙම ප්‍රහාරයෙන් පසුව රට පුරාම ප්‍රදේශ ගණනාවකම නොසන්සුන්තා හා පහරදීම් සිදුවූයේ පොලිස් ඇඳිරි නීතිය දමා තිබියදී වීම තවත් විශේෂත්වයකි. මෙම කලහකාරී තත්ත්වය ඊයේ සවස් වනතුරුම පැවතිණි.

හේමන්ත රන්දුණු, නෝමන් පළිහවඩන, ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment