ප‍්‍රමිතියෙන් තොර කිසිදු ඉන්ධනයක් සංස්ථාව ගෙන්වා නැහැ – ඇමැති ගාමිණී ලොකුගේ

143

ඉන්ධන අර්බුදය තවත් දින කිහිපයකින් අවසන්- ඇමැති එස්. බී. දිසානාක

පිරවිතරයෙන් තොර කිසිදු ඉන්ධන වර්ගයක් තෙල් සංස්ථාව විසින් ගෙන්වා බෙදාහැර නැති බව තමා ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරන බව බලශක්ති ඇමැති ගාමිණී ලොකුගේ මහතා පැවසීය.

තෙල් සංස්ථාව ඉන්ධන ගෙන්වන්නේ ඒවායේ පිරිවිතරයන් පිළිබඳව ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂාවකින් පසුව බවත්, ඊට අමතරව ඉන්ධන නැව් මෙරටට පැමිණි පසු ඉන්ධන සාම්පල් පිළිබඳව මෙරට රසායනාගාර පරීක්ෂාවට ලක් කෙරෙන බවත් එහිදී පිරිවිතරයන්ට නොමැති ඉන්ධන සංස්ථාව ප‍්‍රතික්ෂේප කරන බවත් සඳහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම් මාවත, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (29 දා) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ ඇමැතිවරයා මෙසේ ද කීය.

ඉන්ධන අර්බුදය විසඳාගෙන යන විට දැන් බාල තෙල් ගෙන්වා ඇති බවට තවත් අලූත් ප‍්‍රශ්නයක් මතුකර මාධ්‍යවල පළවී තිබුණා.

විශාල අර්බුදයක්ව පවතින ඉන්ධන ගැටලූව ක‍්‍රමානුකූලව අවසන් වීගෙන යනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අවශ්‍ය බොරතෙල් ගෙන්වනවා. බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 40,000 බැගින් වූ නෞකා දෙකක් ඇණවුම් කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙනවා. ඒවා ළඟා වූ පසු තෙල් පිරිපහදුව සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක කරනවා. ඉන්පසු දැවි තෙල්, නැප්තා, ඩීසල්වල හිඟයක් ඇති වන්නේ නැහැ. තෙල් පිරිපහදු කළ පසු විදුලිබල මණ්ඩලයටත් අවශ්‍ය ඉන්ධන ලබා දෙනවා.

මේ වනවිට පිටපළාත්වලටත් දුම්රිය මගින් ඉන්ධන බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා. මේ මොහොත වනවිට ඩීසල් සීමිත ප‍්‍රමාණයක් හා පෙට‍්‍රල් අවශ්‍ය තරම් තියෙනවා. තවත් ඩීසල් මෙටි‍්‍රක් ටොන්

34000 ක් අඩංගු නැවක් 31 වැනිදා මෙරටට ළඟා වීමට නියමිතයි. ඉන්පසු දිගටම ඉන්ධන නැව් පැමිණෙනවා. සිංහල අවුරුද්ද වනවිට හිඟය සම්පූර්ණයෙන්ම මගහැරි යාවි.

තෙල් නැතිවේය කියන සැකය නිසා අවශ්‍ය ප‍්‍රමාණයට වඩා තෙල් මිලදී ගන්නවා.

2009 දී අප රටේ ආර්ථිකය මේ විදියටම බින්දුවට වැටුණා. නමුත් අප රට දකුණු ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රට බවට පත් වුණා. මේ අවස්ථාවේ කුමන උප්පරවැට්ටි දැම්මත් අපි වට්ටන්න බෑ. මේ වසර අවසන් වනවිට නැවත වැටුණු ආර්ථිකය නැවත ගොඩගෙන නව පුනර්ජීවන යුගයකට මේ රට ගෙනයනවා.

කර්මාන්ත ඇමැති එස්. බී. දිසානායක මහතා,

ඉන්ධන අර්බුදය තවත් දින කිහිපයකින් ස්ථිර ලෙසම අවසන් කිරීමට අවශ්‍ය කටයුතු ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (28 දා) පැවැති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී පියවර ගනු ලැබුවා.

ලංකාවේ දිනකට තෙල් මෙටි‍්‍රක් ටොන් 3000 ක් 4000 ක් අතර ප‍්‍රමාණයක් රටපුරා බෙදාහැරි විට තෙල් හිඟයක් ඇති වුණා. නමුත් අද වනවිට දිනකට තෙල් මෙටි‍්‍රක් ටොන් 2000 ත් 8000 ක් අතර ප‍්‍රමාණයක් බෙදනවා. එපමණ ප‍්‍රමාණයක් බෙදාහැරියත් ඉන්ධන හිඟයි.

කොතරම් අපහසුතා තිබුණත් වාහනයට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ලබාගෙන අමතර කෑන් එකකටත් ගැනීමට පෙලඹී සිටිනවා. ඒකට ජනතාවට දොස් පවරන්න බෑ.

වෙනදා දින දෙක තුනකට ඉන්ධන හල්වලට ප‍්‍රමාණවත් වන ඉන්ධන පැය කිහිපයකින් අවසන් වෙනවා. පසුගිය සතියේ සෑම ඉන්ධන හලකටම පෙට‍්‍රල්, ඩීසල් සහ භූමිතෙල් බවුසර් ලබාදුන්නා. තෙල් සංස්ථාව වෙනදාට වැඩියෙන් ඉන්ධන නිකුත් කළත් දැන් මදි වෙනවා.

තොග රැස් කිරීමක් කෙරෙනවා. සෑම ඉන්ධන හලකම වාහනවලට වඩා කෑන්වලට ඉන්ධන ලබා ගැනීම වැඩියෙන් සිදු වෙනවා. ඉන්ධන නිකුත් කිරීමට ආණ්ඩුවත් සීමාවක් පනවා නැහැ. දැනට ප‍්‍රමාණවත් ඉන්ධන තිබෙනවා. ඉදිරියටත් ඉන්ධන ලැබෙන බව වගකීමෙන් කියනවා.

අනුර බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment