රාජ්‍ය අනුග්‍රහය දෙනවානම් රටටම පොහොර දෙනවා

482

පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමය

රාජ්‍ය අනුග්‍රහය වහා ලබා දෙන්නේ නම් මෙවර යල කන්නය සාර්ථක කර ගැනීමට සම්පූර්ණ පොහොර අවශ්‍යතාව සපුරාදීමට තමන් සූදානම් බව පරිසර හිතකාමී පොහොර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශම්මි කිරින්දේ මහතා සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා කියා සිටියේ දැනටමත් යල කන්නයට අවශ්‍ය පොහොර අවශ්‍යතාවය වන මෙටි්‍රක් ටොන් තුන්ලක්‍ෂ පහළොස්දහසෙන් මෙටි්‍රක් ටොන් දෙලක්‍ෂ විසිපන්දහසක් රජයේ පොහොර ලේකම් කාර්යාලය හරහා බෙදා දී ඇති බවත් තවත් මෙටි්‍රක් ටොන් අනූදහසක් බෙදාහැරීමට නියමිතව ඇති බවත්ය. බෙදා දුන් පොහොරවලට අයවිය යුතු රුපියල් බිලියන 15ක ප්‍රමාණයෙන් අවම තරමින් රුපියල් බිලියන 10ක්වත් කඩිනමින් රජය මගින් ලබා දෙන්නේ නම් යල කන්නයේ වගා කටයුතු සඳහා හිඟයකින් තොරව පරිසර හිතකාමී පොහොර සපයා දිය හැකි බව ද හෙතෙම පැවසීය. පොහොර පිළිබඳව ගොවි ජනතාවට අනවශ්‍ය බියක් ඇති නොකර ගන්නා ලෙසද, පහසුකම් සපයා දෙන්නේ නම් රටේ සියලු පොහොර අවශ්‍යතාව තමන්ට කඩිනමින් සපුරා දිය හැකි බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

අනුර බාලසූරිය, ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment