පාඨලී සජබය හමුවේ

521

එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු .දේශය වෙනුවෙන් එක්වන පියවරක්. ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂල සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සමග මින් පෙර සාකච්ඡා කරන ලදි.

එහි තවත් පියවරක් ලෙස සමගි ජන බලවේගය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාව අද සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ.

මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරල ජාතික සංවිධායක තිස්ස අත්තනායකල ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් දල එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවකල සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහල මහලේකම් බන්දුල චන්ද්‍රසේකරල ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලකල ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන මහත්වරුන් ද එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment