වාහන වලට කෙළ ගිලින මන්ත්‍රීලා හෙළි කරන්න – අත්සන් නොකළ මන්ත්‍රීවරු කථානායකට කියති

408

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙස කථානායක වෙත අත්සන් ලබාදී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුදැයි කියා හෙළි කළ යුතු යැයි ඊට අත්සන් නොකළ මන්ත්‍රීවරු බහුතරයක් කියා සිටිති.

තමනට එම බලපත්‍ර ලබාදෙන්නැයි දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිසක් විශේෂ ලිපියක් මගින් මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලබාදී ඇත. රටේ ආර්ථික තත්ත්වය සලකා මෙවැනි සහනයක් මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නැතැයි ඊට අත්සන් නොකළ මන්ත්‍රීවරු කියා සිටිති.

එබැවින් තීරුබදු රහිත වාහන බලපත් ලබාදුන් මන්ත්‍රීවරුන් කවුදැයි කියා කථානායක ඊළඟ පාර්ලිමේන්තු සතියේ හෙළි කළ යුතු යැයිද ඔවුහු සඳහන් කරති.

මෙම යෝජනාව මේ වනවිට පක්ෂ නායක රැස්වීමටද යොමුවී ඇති අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ඊට එකහෙළාම විරුද්ධ වී ඇත.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment