සංගීත මඩලේ ප‍්‍රතිරාව නැංවූ ජෝති හඩ සුනෙත් ජීවමාන කරයි

233

යූ ටියුබ් කළඹන අමරණීය හඩ

 ඒ හඬමයි. ඇයි රුවත් ඒ වගේමයි. ඒ විතරද උස” මහත” හිනාව ජෝති වගේමයි… මේ දිනවල එච්. ආර්. ජෝතිපාල මහතාගේ හඬට ඉතා සමාන හඬකින් ජෝතිගේම ගීත ගායනා කරන සුනෙත් උදයරත්න ගැන කියවෙන කතාවයි.

 මීවිත ඔහු සොයාගෙන ගියේය. ඉතා සුන්දර සිනාවකින් මෙන්ම ජෝතිගේ ම හඬකින් අප පිළිගත් සුනෙත් අප සමඟ දොඩමළු වූයේ මෙලෙසිනි.

 එච්. ආර්. ජෝතිපාල මහතාගේ ගීත ඒ හඬින්ම ගායනා කරන කවුද ඔබ?

 මම සුනෙත්. මම පදිංචිවෙලා ඉන්නේ කිරිල්ලවල. ඉපදුණේ නම් කොළඹ” අම්මයි” තාත්තයි” අයියයි” අක්කයි” මගේ පවුලේ ඉන්නෙ. ඒ වගේම මම විවාහකයි. දරුවන් හතරදෙනෙක් ඉන්නවා. මම කොරියාවේ රැුකියාවක් කරලා ලංකාවට ඇවිත් ව්‍යාපාර කටයුතුවල නිරතවෙලා ඉන්නවා.

 සංගීතය හදාරලා තිබෙනවාද?

සංගීත මඩලේ ප‍්‍රතිරාව නැංවූ ජෝති හඩ සුනෙත් ජීවමාන කරයි

 නෑ. පාසල් යන කාලයේවත් සංගීතය හදාරලා නෑ. නමුත් යාළුවොත් එක්ක එකතුවෙලා සින්දු කියනවා. ඒත් මගේ පියා නම් සංගීතය හදාරා තිබෙනවා. ඔහු උපාධිධාරී ගුරුවරයෙක්.

 මට ඒ දවස්වල කිව්වා” සංගීතය හදාරන්න කියලා. ඒත් මට එතරම් උනන්දුවක් තිබුණේ නෑ. මගේ පියා ජෝතිපාල මහත්මයා සමඟ ආශ‍්‍රයක් තිබුණා. පැදුරු පාටිවලට එහෙම ගිහින් තිබෙනවා.

 ඔබ සමාජ මාධ්‍ය ජාලය තුළ ඉතා ප‍්‍රසිද්ධියට මේ වනවිට පත්වෙලා තිබෙනවා. ජෝති නැවතත් උපදී කියලත් ඇතැම් අය ඔබව හඳුන්වනවා.

 මම ෆේස්බුක් හි තමයි ජෝතිපාල මහත්මයාගේ

 ගීතයක් ගායනා කරලා මුලින්ම දැම්මේ. ඒකට විශාල ප‍්‍රතිචාරයක් තිබුණා. පසුව දිගට ම ගීත ගායනා කළා. පසුව නැවතත් ලංකාවට ආවා. දැනට මට ලොකු පේ‍්‍රක්‍ෂකයන් ප‍්‍රමාණයක් ඉන්නවා. ඇත්තට ම මම ඇතැම් අයට කතා කරලා කිව්වා ජෝති නැවත උපධිලා කියලා මාව හඳුන්වන්න එපා කියලා. මොකද ඒක එතුමාට කරන අගෞරවයක්. යූ ටියුබ් නාලිකා කරන අය තමයි එහෙම කරන්නේ.

 විදේශයකදී ගායනයට පිවිසි ඔබට ලංකාවේදී මොනවගේ

 ප‍්‍රතිචාරද ලැබෙන්නේ ලංකාවට ආපු ගමන්ම ගොඩක් ආරාධනා ලැබුණා. සාදවලට ගීත ගායනා සඳහා මා සහභාගි වුණා.

 කාලෙන් කාලෙට මේ වගේ ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කරන විවිධ අය ජනපි‍්‍රය වෙනවා.

 මම කවදාවත් කියන්නේ නෑ මම ජෝතිපාල මහත්තයා වගේ කියලා. එතුමාගේ නම දාගෙන මම ප‍්‍රසිද්ධ වෙන්නේ නෑ. එතුමාව අනුකරණය කරන්නත් බෑ. අනෙක අනුකරණය කරලා ගීත ගායනා කරලා සංගීත ක්‍ෂේත‍්‍රයේ දුරගමනක් යන්නත් බෑ. නමුත් මේ අලූත් ගායකයෝ ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කිරීම තුළ ඔහුගේ

 ගීත නැවත නැවතත් ජනපි‍්‍රයත්වයට පත්වෙනවා. මම හඬ අනුකරණය කරන්නේ නෑ. ඒත් මෙලඩි එක අනුකරණය කරනවා.

 එච්. ආර්. ජෝතිපාල කියන නම වෙනුවට සුනෙත් උදයරත්න කියන නමින් ගීත ගායනයේ නියැළෙන්න බලාපොරොත්තුවක් තිබෙනවාද?

 ඔව්” මම දැනටමත් මගේම කියලා ගීත දෙකක් ගායනා කරලා තිබෙනවා. ඒ හඬ තිබුණත් මගේ ගමනක් යන්න තමයි බලාපොරොත්තුව. චිත‍්‍රපට ගීත දෙකකට ආරාධනයක් ලැබිලා තිබෙනවා. මගේ නිර්මාණවලින් තමයි මම ඉදිරියට එන්න උත්සාහ කරන්නේ.

 ජෝතිපාල මහත්මයාගේ ගීත ගායනා කරන්න එපා කියලා තහංචි ඇවිත් නැද්ද?

 නෑ. තවම එහෙම නෑ. ඔහුගේ පවුලේ අයවත් එහෙම කියලා නෑ. ගොඩක් ප‍්‍රතිචාර මට ලැබෙනවා. ඒ වගේම මේ ක්‍ෂේත‍්‍රයේ සිටින දැවැන්තයන් සහයෝගයක් ලබාදෙනවා මට” මම ගීත ගායනා කරනවා දැකලා” ඒ අය සතුටු වෙනවා. මගේ තිබෙන්නේ අනුකාරක හඬක් නොවෙයි. මේ මගේ හඬයි. මට ගොඩක් දෙනෙක් ශක්තියක් වෙලා තිබෙනවා. මේ වනවිට ඒ නිසා මම නිරායාසයෙන් ගීත ගයනා කරනවා.

 ජෝතිපාල මහතා සම්බන්ධව ඔබේ මතකයන් කොහොමද?

 ඇත්තට ම” මම කුඩා කාලයේ ගොඩක් දඟයි. කුඩා කාලයේ අපේ අම්මා ජෝතිපාල මහත්තයාගේ සින්දු දානවලූ. එතකොට මම හොඳට අහගෙන ඉන්නවාලූ. අපේ තාත්තා හොඳට ජෝතිපාල මහත්මයා අඳුරනවා.

 මාළිගාවත්ත ප‍්‍රදේශයේදී අපි ජීවත් වනවිට ඒත් මට එතුමාට සැබැවින් නම් දකින්න ලැබිලා නෑ. ඒත් හීනෙන් නම් අනේකවාරයක් දැකල ඇති. එතුමාට තිබෙන්නේ පුදුම ගායනා හැකියාවක්. ඒක විශ්මයක් වගෙයි. තවමත් රසිකයන් එතුමාගේ ගීතවලට කැමැතියි. ඒ නිසාම මේ වනවිට මට ගොඩක් දෙනෙක් කතා කරනවා. ඒ නිසාම මගේ එක් දුරකථනයක බැටි‍්‍රය සම්පූර්ණයෙන්ම විනාශ වුණා.

 ඔබ සමඟ සිටින ඒ රසික රසිකාවියන් වෙනුවෙන් ලබාදෙන පණිවුඩය කුමක්ද?

 මම දැනට සරත් ද අල්විස් මහතා සමඟ නිර්මාණ කිහිපයක් කරනවා. ඉදිරියේදී ඒවා ඔබට අහන්න පුළුවන්. ඒවගේම තවත් නිර්මාණ කිහිපයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම මට ගොඩාක් දෙනෙක් කතා කරනවා ඒ අයගෙන් මම ඉල්ලන්නේ මාත් එක්ක ඉදිරියටත් ඉන්න කියලයි.


 අකිත
 ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment