මත් කුඩු ජාවාරම නවකයෝ අතට ගනිති

542

අත්අඩංගුවට ගැනීම් ලෙහෙසි නොවන ලකුණු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට නවක ජාවාරම්කරුවන් රැසක් එකතු වී සිටින බවට තොරතුරු පොලිස් බුද්ධි අංශ වෙත ලැබී ඇත. පසුගිය කාලයේදී මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට පත්වීමත් මත්ද්‍රව්‍ය ජාවාරම හරහා අසීමිත ධනයක් ඉපයීමට හැකි නිසාත් මෙසේ නවක ජාවාරම්කරුවන් රැසක් මෙම ජාවාරමට සම්බන්ධවීමට හේතු වී ඇති බව විමර්ශන නිලධාරීහු පවසති.

විමර්ශන නිලධාරීන් පවසන්නේ මේ ආකාරයට නවක ජාවාරම්කරුවන් රැසක් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවී සිටීම නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීම පහසු කටයුත්තක් නොවන බවයි.

මෑතකදී මෙම ජාවාරමට සම්බන්ධ වූ පුද්ගලයන් පිළිබඳව කිසිදු තොරතුරක් මත්ද්‍රව්‍ය නාශක අංශය තුළ හෝ පොලිස් දෙපාර්තමේන්තුව තුළ නොතිබීම වැටලීම්වලට විශාල බාධාවක් වී තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතරට මෙන්ම, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයටද මේ ආකාරයට නවක ජාවාරම්කරුවෝ රැසක් එක්ව සිටිති. මෙම ජාවාරම්කරුවන්ගෙන් බහුතරයක් ඩුබායි රාජ්‍යයට වී සුඛෝපභෝගි ජීවිත ගත කරමින් මෙම ජාවාරමේ නිරතවන බවද මේ වනවිට හෙළි වී ඇත.

පසුගිය දිනවලදී පොලිස් විශේෂ කාර්ය බළකාය, මත්ද්‍රව්‍ය නාශක අංශය මෙන්ම පොලිසිය සිදුකළ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී අත්අඩංගුවට පත් ජාවාරම්කරුවන් බහුතරයක් නවක ජාවාරම්කරුවන්ය.

එමෙන්ම ඔවුන්ට මත්ද්‍රව්‍ය තොගපිටින් එවන විදේශ ඒජන්තවරයාද මීට පෙර ජාවාරම් සම්බන්ධයෙන් නම් නොකියවුණු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙක් බවද විමර්ශන කණ්ඩායම් කියා සිටිති.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment