මෙවර පහේ හපනුන්ට ලංකා බැංකුවෙන් ශිෂ්‍යත්ව

245

මෙරට ප්‍රමුඛතම බැංකුව, ලංකා බැංකුව 2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් රන් කැකුළු ගිණුම් හිමි දරුවන්ට රුපියල් මිලියන 30ක මුළු වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව 2,000ක් පිරිනැමීමට කටයුතු යොදා ඇත.

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් දිස්ත්‍රික් කඩඉම් සීමාව ඉක්මවා ලකුණු ලබාගන්නා රන් කැකුළු, BOC පෞද්ගලික විදේශ මුදල් ළමා ගිණුම් සහ වෙනත් සුදුසුකම් ලත් BOC ළමා ඉතුරුම් ගිණුම් හිමි දරුවන්ට මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කළ හැකිය.

මෙම ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කරන BOC රන් කැකුළු හා සුදුසුකම් ලත් වෙනත් BOC ළමා ඉතුරුම් ගිණුම්වල 2023 ජනවාරි 25 වැනි දිනය වන විට අවම ශේෂය රුපියල් 5000 කට නො අඩුව පවත්වා ගත යුතු අතර, එහි දී තෝරා ගන්නා වැඩිම ලකුණු හිමි දු දරුවන් 2000කට ශිෂ්‍යත්ව පිරිනැමේ. එමෙන්ම මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කරන BOC පෞද්ගලික විදේශ මුදල් ළමා ගිණුම්වල 2023 ජනවාරි 25 වන දිනය වන විට අවම ශේෂය ඇමෙරිකානු ඩොලර් 250 ක් හෝ ඊට සමාන වටිනාකමකින් යුක්ත වන සේ වෙනත් විදේශ මුදලකින් පවත්වාගෙන තිබිය යුතු අතර, එහිදී තෝරා ගන්නා අයදුම්කරුවන් අතරින් වැඩිම ලකුණු හිමි දූ දරුවන් 100කට ශිෂ්‍යත්ව පිරිනැමීමට ලංකා බැංකුව කටයුතු කරයි.

මෙම ශිෂ්‍යත්වවලට අමතරව විශේෂ ත්‍යාග රැසක් පිරිනැමීමට ලංකා බැංකුව කටයුතු කරන අතර, ඉහත සුදුසුකම් සපුරා ඇති, 2023 ජනවාරි 25 වන දිනට පෙර ගිණුම් විවෘත කර සක්‍රීයව පවත්වාගෙන යන සියලුම දරුවන් එම විශේෂ ත්‍යාග සඳහා සුදුසුකම් ලබයි.

ශ්‍රී ලාංකේය අනාගත පරපුර ඉතිරි කිරීම වෙත යොමු කිරීම වෙනුවෙන් BOC රන් කැකුළු ගිණුම ඇතුළුව ළමා ඉතුරුම් ගිණුම් කිහිපයක් හඳුන්වා දී ඇති ලංකා බැංකුව එම ඉතුරුම් සඳහා ඉහළ ප්‍රතිලාභ ලබා දීමට ද කටයුතු කරයි. ඒ අනුව 2022 ශිෂ්‍යත්ව විභාගය ඉහළින් ම ජයගන්නා දූ පුතුන්ට ශක්තියක් වෙමින්, ඔවුන් දිරිගැන්වීම ලංකා බැංකුවේ අරමුණයි.

මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් BOC වෙබ් අඩවියෙන් සහ ඕනෑ ම BOC ශාඛාවකින් ලබාගත හැකි අතර, නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත සමඟ විභාග ප්‍රතිඵල සහතිකයේ පිටපතක් අමුණා, 2023 මාර්තු 31දිනට පෙර ඕනෑම ලංකා බැංකු ශාඛාවක් වෙත භාර දිය හැකිය. වැඩි විස්තර දැන ගැනීමට සහ අයදුම්පත Download කර ගැනීම සඳහා https//bit.ly/3xLOekk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

advertistmentadvertistment
advertistmentadvertistment