2023 වසරේ සංවර්ධන ලොතරැයියෙන් රු. බිලියන 13.4ක ත්‍යාග මුදල් පිරිනමයි

30

2023 වසරේ ලොතරැයි ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් බිලියන 13.4කට අධික මුදලක් ත්‍යාග වශයෙන් ලබාදී ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය පසුගියදා කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් නිවේදනය කර සිටියේය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වූ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි අනුර ජයරත්න” සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති” ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගල” මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ යන මහත්වරු ඇතුළු පිරිස ඡායාරූපයෙන් දැක්වේ.

පුරා වසර 40ක් මුළුල්ලේ අඛණ්ඩව වාසනාවේ විශ්වාසය සුරැකි සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2023 වර්ෂයේ ඔවුන්ගේ ලොතරැයි ගමන් මගේ තවත් එක් සුවිශේෂී සංදිස්ථානයක් සනිටුහන් කර ඇත. ඒ එදා මෙදා තුර සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ඉපයූ වැඩිම ලාභය මෙන්ම ත්‍යාග ලාභීන් වෙනුවෙන් ඉහළම ත්‍යාග මුදල් ප්‍රමාණය ලබා දීම වාර්ථා කරමිනි.

මෙරට සුවහසක් ශ්‍රී ලාංකිකයන්ට වාසනාව ඇතැඹුලක් සේ ළගා කල සංවර්ධන ලොතරැයි මණ්ඩලය එයිනුත් නොනැවතී මෙවැනි ජයග්‍රහනයන් වාර්තා කිරීම සැබැවින්ම අනර්ඝ විජයග්‍රහණයකි.

තවද, මෙරට රෝගී ජීවිතවල සුවපත්භාවය වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටු කරන ජනාධිපති අරමුදලට මූල්‍ය දායකත්වය ලබා දෙන එකම මූල්‍ය ව්‍යාපාරය සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.

එමෙන්ම, අනාගතය වෙනුවෙන් සිදු කල හැකි හොදම ආයෝජනය අධ්‍යාපනය වන බැවින් ඒ වෙනුවෙන් හීන පොදි බදින මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල දූ දරුවන් සඳහා වචනයෙන් කිව නොහැකි උත්කෘෂ්ට දායකත්වයක් ලබා දෙන මහපොළ ශිෂ්‍යත්ව අරමුදලට මූල්‍ය දායකත්වය ලබා දීම සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය ශක්තියක් වේ.

2023 වසරේ සංවර්ධන ලොතරැයියෙන් රු. බිලියන 13.4ක ත්‍යාග මුදල් පිරිනමයි

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් විවිධ සන්නාම යටතේ ලොතරැයි අලෙවි කිරීම තුළින් උපයනු ලබන ශුද්ධ ලාභය ජනාධිපති අරමුදලට බැර කරනු ලැබේ. එපමණක් නොව ලොතරැයි අලෙවිය තුලින් රටේ හතර දිග්භාගයේම ජයග්‍රාහකයින් බිහි කර ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කරනවා මෙන්ම දැනට ලොතරැයි වෙළදාම සඳහා අප සමඟ අත්වැල් බැඳ සිටින 25,000කට අධික අලෙවි නියෝජිත හා සහයක පිරිස තම ජීවිකාව සලසා ගන්නේ මේ තුලිනි. ඒ අනුව සංවර්ධන ලොතරැයි මණ්ඩලය යනු වචනයේ පරිසමාප්ථ අර්ථයෙන්ම ජන ජීවිත එළිය කරන ආයතනයකි.

ඒ බව තවදුරටත් පැහැදිලි කරමින් 2023 වසරේ ලොතරැයි ජයග්‍රාහකයන් වෙනුවෙන් රුපියල් බිලියන 13.4කට අධික මුදලක් ත්‍යාග වශයෙන් ලබාදී ඇති බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය නිවේදනය කරයි. සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන ලොතරැයි ආදායමින් 50%කට අධික ප්‍රතිශතයක් වෙන් කරනුයේ ත්‍යාග වෙනුවෙනි. ඒ අතර දිවයින පුරාම කෝටිපතියන්, දස ලක්ෂපතියන්, ලක්ෂපතියන් සිය දහස් ගණනක් බිහි කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. සංවර්ධන ලොතරැයි මණ්ඩලය 2023 වසරේ දී

පසුගිය වසරවලට සාපේක්ෂව වාර්ථාගත ආදායමක් ඉපයීමට සමත්ව ඇත. ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ 13%ක ලාභ ප්‍රතිශතයක වර්ධනයක් උපයමින් රුපියල් බිලියන 3.6ක වාර්තාගත ශුද්ධ ලාභයක් ඉපයීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමත් වී ඇත.

ඡායාරූපය – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment