මහව දුම්රිය පණ අදී

386

පීලි පැනීම් සහ කාර්මික දෝෂ රැසක්

කාර්මික දෝෂයකට ලක්වීමෙන් මහව සන්ධියේ සිට කොළඹ කොටුව සහ මොරටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාලීය ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ (04 දා) උදෑසන ධාවනය නොවිණි. මෙම දුම්රිය අඹේපුස්ස දුම්රිය ස්ථානය අසල නතර වීමෙන් සියලුම දුම්රියන් ප්‍රමාද වීම හමුවේ කාර්යාල සේවකයන් දැඩි අපහසුතාවට පත්වූහ.

දුම්රිය කිහිපයක මගීන් දහස් ගණනක් නියමිත වේලාවට තම සේවා ස්ථානයට වාර්තා කිරීමට නොහැකි වීමෙන් විශාල ගැටලු රැසකට මුහුණදීමට සිදුවූ බව දුම්රිය මඟීහු චෝදනා කරති. එසේම පෙරේදා (03 දා) සවසද කොළඹ කොටුවෙන් මහව සන්ධිය බලා යන මෙම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේදී පීලි පැනීමකට ලක්විය. මේ අතර වාරයේ දුම්රිය ගමන් වාරයන්ද හිටිහැටියේ අවලංගු කරති.

මේ නිසා දුම්රිය මඟීහු තම දැඩි අප්‍රසාදය දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පළකරන අතර ඔවුන් පවසන්නේ මෙම දෙපාර්තමේන්තුව වහා පෞද්ගලීකරණය කළ යුතු බවයි.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment