යාපනය හිරගේ පොත්වලින් කඩයි

498


පොත් 2000 කට වැඩි එකතුවකින් යුතුව යාපනය බන්ධනාගාරය තුළ ඉදිකරණ ලද නව පුස්තකාලයක් යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ශ්‍රී සත්කුණරාජා මහතා අතින් ඊයේ (9 දා) විවෘත කෙරුණි.
එම පුස්තකාලයේ පුස්තකාලයාධිපති වශයෙන් යාපනය මහජන පුස්තකාලයේ හිටපු පුස්තකාලයාධිපතිවරයෙකු පත් කොට ඇති අතර බන්ධනාගාර නිලධාරීන්ගේ සහයද පුස්තකාලය පවත්වා ගෙන යාම සදහා ලබා දී තිබේ.
මෙම පුස්තකාලය පරිහරණය කිරීමේදී රැදවියන්ට ප්‍රමුඛතාවයක් ලැබෙන අතර නිලධාරීන්ට හා සේවකයින්ටද පුස්තකාලය භාවිත කිරීමට පහසුකම් සලසා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment