ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ආයතනික වාර්තාකරණයේ කැපී පෙනෙන විශිෂ්ටත්වය පිළිඹිබු කරමින්, TAGS (Transparency” Accountability” Governance and Sustainability) 2023 සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන හා තාක්ෂණ කාණ්ඩයේ රන් සම්මානය ශ්‍රී ලංකා ටෙලිකොම් (PLC) 2022 වාර්ෂික වාර්තාව වෙනුවෙන් හිමිකර ගන්නා ලදී.

මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි.

SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා විසින් සම්මානය පිළිගන්නා ලදි. මෙම අවස්ථාවට සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී සංජීව සමරනායක මහතා සහ සාමාන්‍යාධිකාරී/අලෙවිකරණ සේවා අනුරුද්ධ සූරියාරච්චි මහතා ඇතුළුව SLT-MOBITEL හි තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම සම්මාන උළෙලට වසර 56 කට අධික සාඩම්බර ඉතිහාසයක් ඇත. මෙරට මූල්‍ය හා මූල්‍ය නොවන වාර්තාකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් කුඩා හා මධ්‍යම පරිමාණ සමාගම් මෙන්ම මහා පරිමාණ හා බහුජාතික සමාගම්ද ඇගයීමට ලක්කරමින්, එම වාර්තාකරණ සම්බන්ධ ප්‍රධාන සංකල්ප ප්‍රවර්ධනය කිරීම මෙම සම්මාන උළෙලේ අරමුණ වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment