ගජගා වන්නමට සාධාරණය ඉටු කළා… – උදුල පෙරේරා

57

දෙව්පුර ඇතෙකී
කුඹු දහසයකී
දිග දළ අටෙකී
සත් ගැබෙකී

උදුල පෙරේරාගේ අලුත්ම ගීතය වන ‘ගජගා වන්නම. ගීය ආරම්භ වෙන්නේ ඒ විදිහට. යූටියුබ් නාළිකා ඇතුළු සමාජය මාධ්‍ය ගණනාවක් ඔස්සේත් ප්‍රධාන විද්‍යුත් නාලිකා ඔස්සේත් විකාශනය වන මේ ගීතය සම්බන්ධයෙන් අපි ඔහු සමග කතා කළා.

කොහොමද මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර?

ඉතාමත් ඉහළයි. දේශීය සංස්කෘතියේ ස්වර තාල අනුව නිර්මාණය වෙච්ච මේ ගීතය අපේ රසිකයන් ඉතාම ආදරයෙන් වැළඳ ගත්තා. යූටියුබ් නාලිකා සියයකට අධික ප්‍රමාණයක මිලියන පහළොවකට අධික පිරිසක් මේක රස විඳලා තියෙනවා. ජාතික තලයේ නාළිකාවලත් ප්‍රචාරය වෙනවා.

මේකේ පද හැටියට ගජගා වන්නම ම තෝරාගත්තේ ඇයි?

සාම්ප්‍රදායික ගායන රටාවන්ට මම ගොඩක් කැමතියි. ඒ නිසයි ගජගා වන්නමේ පද ඒ ලෙසම යොදාගත්තේ. මං හිතනවා මං ඒකට සාධාරණයක් ඉෂ්ට කළා කියලා. ඒ වගේම මම ගජගා වන්නමට කිසිම හානියක් කළේ නෑ. මේ වගේ නව නිර්මාණ තුළින් අපගේ සංස්කෘතික වටිනාකම් අනාගත පරම්පරාවට උරුම කරලා දෙන්න පුළුවන් කියල මං හිතනවා. දිනූෂ පීරිස් මීට සංගීතය මුසු කළා. දළදා පෙරහැර සමයේදී විවිධ නර්තන සඳහා මේ ගීතය විවිධ පාර්ශ්වයන් භාවිත කරනවා. පෙරහැර ගැන පූර්ව ප්‍රචාර වැඩසටහන්වලටත් මේ ගීතය යොදාගත් අවස්ථා ඉතා විශාල වශයෙන් තියෙනවා.

ඔබ වෘත්තිමය ගායකයෙක් වෙන්නද අදහස් කරන්නෙ?

වෘත්තිමය ගායකයෙක් වෙනවට වඩා සංගීතය ජීවිතයේ කොටසක් කරගන්න මං කැමතියි. මම දැනට ලක් එෆ්.එම්. කළමනාකාර අධ්‍යක්ෂ හැටියට කටයුතු කරනවා. මගේම ගීත දහයක් විතර කරලා තියෙනවා. ඊට අමතරව ජනප්‍රිය ගායකයන්ගේ ගීත ‘කවර් සෝන්ග්. හැටියට ගායනා කරලා තියෙනවා. තරුණ තරුණියන්ගේ සිතුම් පැතුම් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් සමාජ සත්කාරක වැඩසටහනුත් මං ක්‍රියාත්මක කරනවා.

ඔබගේ අනිත් නිර්මාණ මොනවද?

අම්මා” තාත්තා” ලෙසින් මව් ගුණ් පිය ගුණ ගී දෙකක් නිර්මාණය කර තිබෙනවා. සිව් හෙළ තාන්ඩව යන නමිනුත් දේශීය නාද රටා භාවිත කරමින් ගීතයක් කළා. මිතුදම කියලා ගීයකුත් කළා. මිත්‍රත්වයේ තියන වටිනාකම ගැනයි ඒ ගීය කළේ. ඒවටත් හොඳ ප්‍රතිචාර ලැබුණා.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment