ඉන්දියාවේ තෙල්, ගෑස් මුහුද යටින් ලංකාවට

479

කිලෝ මීටර් හයසීයකට නළ එළයි

ඉන්දියාවේ නාගපට්ටම් සිට ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය දක්වා පිරිපහදු කළ ඉන්ධන හා ස්වභාවික වායු ගෙන ඒම සඳහා නළ මාර්ගයක් ඉදිකිරීමට ඉන්දීය රජය සූදානම් වේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය තෙල් සමාගමේ (අයිඕසී) ප්‍රධානීන් හා විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා ඇතුළු මෙරට නිලධාරීන් සමග ඉකුත්දා සිදුකළ සාකච්ඡා සාර්ථකව සිදුව තිබේ.

මෙරට බලශක්ති අර්බුදයට විසඳුම ලෙස දෙරට අතර ඒකාබද්ධ බලශක්ති ව්‍යාපාරයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් කලක සිට සාකච්ඡා සිදුවේ. ඒ අනුව ඉන්දියාවේ සිට කිලෝ මීටර් හයසියයක පමණ දුරක් දක්වා මෙම නළ මාර්ගය සකස් කර එය කොළඹ දක්වා දික් කිරීම සැලසුම් වී තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන මුදල්, අදාළ ශක්‍යතා අධ්‍යයන කටයුතු ඉක්මනින්ම ආරම්භ කිරීමට අදාළව දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡා සිදුවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment