ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චන්ග් උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමියන් බැහැදැක ආශිර්වාදය ලබාගනී

217

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති (Julie Chung) ජුලී චන්ග් මහත්මිය උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාදය ලබා ගත්තාය.

මේ දිනවල ඇමරිකාවට ගොස් සිටින ජුලී චන්ග් මහත්මිය පසුගිය(10)දා මේරිලන්ඩ් බෞද්ධ විහාරස්ථානයට පැමිණ උපරතන හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තාය. මෙහිදී උපරතන නායක හිමිපාණන් වහන්සේ සමඟ සුහද පිළිසඳරක නිරත වූ ජුලී චන්ග් මහත්මිය එක්සත් ජනපදය තුළ බෞද්ධ කටයුතුවල නිරත වෙමින් සිදුකරන ආගමික හා සමාජීය මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේට සිය ප්‍රසාදය පළකර සිටියාය.

advertistmentadvertistment
advertistmentadvertistment