කොළඹ විශාඛාවෝ සහ මහනුවර සීතාදේවී බාලිකාවෝ සමශූරියෝ වෙති

243

සමස්ත ලංකා පාසල් වයස අවුරුදු 20 න් පහළ බාලිකා හොකී තරගාවලියේ සම ශූරතාව දිනා ගැනීමට කොළඹ විශාඛා විදුහල සහ මහනුවර සීතාදේවි බාලිකා විදුහල සමත් විය.

ලීග් ක්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරුණු මූලික වටයේදී එකම කාණ්ඩයකින් තරග වදිමින් අපරාජිතව අවසන් මහා තරගයට වරම් ලබා ගත් මෙම විදුහල් දෙක අතර පැවැති අවසන් මහ තරගය ගෝල් 00 – 00ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙවර තරගාවලියේ “දක්ෂතම ක්‍රීඩිකාව” ලෙස කොළඹ විශාඛා විදුහලේ තිසරණී මදරසිංහ ද මහනුවර සීතාදේවී බාලිකා විදුහලේ අමන්දා අල්විස් “දක්ෂතම ගෝල් රකින්නිය” ලෙස ද නම් කෙරුණි.

ස්වර්ණමාලී බාලිකා විදුහල ගෝල් 03 – 00 කින් පරාජයට පත් කළ ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහලට “පළඟ” ශූරතාව ද, මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහල පරාජය කළ මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විදුහලට “බඳුන” ශූරතාව හිමි විය.

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරන ලද මෙවර තරගාවලියේ ජයග්‍රාහක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කුසලාන ප්‍රදානය රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සභාපති නිශාන්ත ඩයස් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. කුසලාන ප්‍රදානයේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වේ.

HTML clipboard

advertistmentadvertistment
advertistmentadvertistment