ජනපති මන්දිරයට බලෙන් ඇතුළුවීම: නීතිඥ නුවන් බෝපගේත් සැකකරුවෙක්

155

කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස හා බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල 59 වැනි සැකකරු ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කරන බව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (11 දා) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.

පසුගිය ජූලි 9 වැනිදා හා ඊට ආසන්න දිනවලදී කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවීම, එහි දේපළවලට අලාභහානි කිරීම ඇතුළු චෝදනා යටතේ අරගලකරුවන් විශාල පිරිසකට එරෙහිව පොලිසිය විසින් මේ වනවිටත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

නීතිඥ නුවන් බෝපගේ මහතාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මණ්ඩලය අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment