පොරොන්දු දේශපාලනය නැතිකළේ නැතිනම් ලබන ඡන්දයේදී ඊළඟ පරම්පරාවත් උකස් කරාවි!

105
  • පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල

“එදා විදුහල්පතිවරුන් දරුවන්ට විරුද්ධව පොලිසි ගියේ නෑ. පාසලේ ප්‍රශ්න පාසල තුළම විසඳ ගත්තා. දරුවන්ගේ දෙමව්පියන් ගෙන්නලා ගෙවල්වල ප්‍රශ්න පවා විසඳුවා. එදා කරපු දේ අද නොවෙන්නේ ඇයි? පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා විමසයි.

පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාවකදී අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා මෙසේද කියා සිටියේය.

“මිල්ලනිය පාසලක විදුහල්පතිනිය විසින් පොලිසිය ලවා දරුවන්ට හිංසා කරවීම අද සමාජයේ ලොකු අවධානයකට පත්වෙලා තිබෙනවා. මගේ තාත්තා ගුරුවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය අරඹලා අධ්‍යාපන පරිපාලන නිලධාරියෙකු ලෙස විශ්‍රාම යන විට අම්මා විදුහල්පතිනියක් ලෙස විශ්‍රාම ගියා. මම පුංචි කාලයේ ජීවත් වුණේ පාසල තුළම තිබුණු විදුහල්පති නිල නිවස තුළ. එදා සහ අද සංසන්දනය කරන විට පාසලෙන් වාර්තා වන ඛේදවාචකයන් බරපතළ ලෙස ඉහළ ගිහින්.

මිල්ලනිය පාසලක විදුහල්පතිනිය විසින් පොලිසිය ලවා දරුවන් වධ හිංසාවන්ට ලක් කිරීම හුදෙකලා සිදු වීමක් නෙවෙයි. මේ සිදුවීමට දැවැන්ත මාධ්‍ය අවධානයක් යොමු වුණාට මෙවැනි සිදුවීම් නිතරම රට පුරාම සිදු වෙනවා. එදාට වඩා අද මේ සිදුවීම් වැඩි වුණේ ඇයි කියන ප්‍රශ්නයට අපි උත්තර හොයන්න ඕනෑ. එදා විදුහල්පතිවරුන් දරුවන්ට විරුද්ධව පොලිසි ගියේ නෑ. පාසලේ ප්‍රශ්න පාසල තුළම විසඳ ගත්තා. දරුවන්ගේ

දෙමව්පියන් ගෙන්නලා ගෙවල් වල ප්‍රශ්න පවා විසඳුවා. එදා කරපු දේ අද නොවෙන්නේ ඇයි?

විද්‍යාව, ගණිතය, භාෂාවට උපාධියක් ලැබූ පමණින් ඒ දැනුම බෙදන ගුරුවරයකු වෙන්න බෑ. අධ්‍යාපන වේදය වෙනම විෂයක්. ළමා මනෝ විද්‍යාව, ඉගැන්වීමේ ක්‍රම, සන්නිවේදනය, කණ්ඩායම් පාලනය වැනි විෂයන් ගණනාවක් ගැන අවබෝධය ලබාගෙනයි ගුරුවරයෙක් වෙන්න පුළුවන් වෙන්නේ. එදා උසස් පෙළ සමතෙකු වුණත්, උපාධිධාරියෙකු වුණත් පාසලට යවන්න කලින් මීරිගම, ගිරාගම, කටුකුරුන්ද ගුරු විදුහල්වලට යවලා වසර දෙක තුනක් ගුරුවරයෙකු ලෙස පුහුණු කරලා තමයි ගුරුවරයා පන්ති කාමරයට යොමු කළේ.

බොහෝ යුරෝපීය රටවල දේශපාලකයන් විසින් නව ව්‍යාපෘතියක් යෝජනා කරන විට ඒකට වැයවන මුදලත්, ඒ මුදල් සොයන ක්‍රමයත් කියන්න ඕනෑ. මැතිවරණ ප්‍රකාශනයේ තිබෙන යෝජනා ක්‍රියාත්මක කරන්න මොන බදු වැඩි කරලාද ආදායම සොයන්නේ කියන එකත් මැතිවරණ ප්‍රකාශනයේ දාන්න ඕනෑ. කොටින්ම කියනවා නම් අනාගත අයවැය තියෙන්නේ මැතිවරණ ප්‍රකාශනයේ. අපි නීතියක් සම්මත කරලා හරි මේ පොරොන්දු දේශපාලන සංස්කෘතිය නැති කළේ නැතිනම් ඡන්දය දිනා ගන්න අපේ ඊළඟ පරම්පරාවත් උකස් කරනවා.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment