පාකිස්තාන ජනපති වැටුප් එපා කියයි

259

පාකිස්තානයේ අලුතින් ජනාධිපති ධුරයට පත් අසිෆ් අල් සර්දාරි එරට මුහුණ පා, තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් සිය ධුර කාලය තුළ කිසිදු වැටුපක් නොගෙන, සේවය කරනබව නිවේදනය කර තිබේ.

ඉකුත් ඉරිදා පාකිස්තානයේ 14 වැනි ජනාධිපතිවරයා ලෙස සිය, ධුරයේ වැඩ භාරගත් 68 හැවිරිදි සර්දාරි පාකිස්තාන ජනතා පක්ෂයේ සමසභාපතිවරයා වන අතර හිටපු පාකිස්තාන, අගමැතිනී ඝාතනය වූ බෙනාසීර් භූතෝ ගේ සැමියා ද වේ. පාකිස්තානයේ සිටින ධනවතෙකු වන, ජනාධිපති සර්දාරි පවසා ඇත්තේ පාකිස්තානය මුහුණ පා, ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් රට තුළ ආර්ථික කළමනාකරණයක් ඇති කිරීම දිරි ගැන්විම සඳහා, තමා වැටුප් නොගෙන සේවය කිරීමට තීරණය, කළ බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment