අද අලුයමත් දකුණේ වෙඩි ප්‍රහාරයක්

1285

අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩන්තොට පොනදුව ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ නිරත පාතාල සාමාජික අගම්පොඩි සජිත් සමන් පියන්ත නොහොත් සමන් කොල්ලා නැමැත්තාගේ නිවසට අද අලුයම ⁣වෙඩි ප්‍රහරයක් එල්ල වී ඇත.

වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.

තාප්පයට හා නිවසේ දොරට වෙඩි උණ්ඩ කිහිපයක් එල්ල වී ඇති අතරල අදාළ සිදුවීම වෙන අවස්ථාවේ සමන්කොල්ලා නැමැත්තාගේ මව සහ සහෝදරියන් තිදෙනෙකු නිවසේ සිට ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment