පොල් මණ්ඩලයේ කෝටි 8ක වංචාවට හිටපු ලොක්කෙක් දැලේ

714

පොල් වගා කිරීමේ මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරිවරයකු රුපියල් අට කෝටියකට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධිය පිළිබඳව රහස් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වංචාව සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා දිවයිනට ඊයේ (24 දා) පැවැසුවේ මීට කලින් මෙම වංචාව පිළිබඳව නිලධාරීන් 9 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

මෙම නිලධාරීන් සේවකයන්ගේ අර්ථසාධක මුදල්වලින් මුදල් වංචාව සිදුකර ඇති බව දැනගැනීමට ලැබුණු බව ද ඇමතිවරයා කීවේය.

මෙම සැකකරුවන් පිරිස කාලාන්තරයක් තිස්සේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ සේවයේ යෙදී සිටින බව ද ඇමැතිවරයා පැවැසීය.

advertistmentadvertistment
advertistmentadvertistment