පාසලේ බිත්ති දෙකක් අතර සිරවූ සිසුවිය නිරුපද්‍රිතව බේරා ගැනේ

9922

කළුතර කටුකුරුන්ද කළුතර කටුකුරුන්ද රෝමානු කතෝලික විදුහලේ බිත්ති දෙකක් අතර සිරවී සිටි සිසුවියක නිරුපද්‍රිතව බේරා ගැනීමට කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් ඊයේ (14 දා) සමත්වී ඇත.

දෙවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවිය මෙලෙස බිත්ති දෙක අතර සිරව සිටියදී කළුතර නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ පැය භාගයක පමණ මෙහෙයුමකින් පසු ඇය බේරාගෙන තිබේ.

ස්පැඩර් නමැති උපකරණයක් ආධාරයෙන් හයිඩ්‍රොලික් වායුව මගින් බිත්ති දෙකට තෙරපුමක් ලබාදී දැරිය බේරාගත් බව මෙහෙයුමට සම්බන්ධ වූ කළුතර ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගිනි නිලධාරි ඉන්දික ලක්ෂ්මන් මහතා පැවසීය.

කුඩා දැරිය බිත්තියක් සහ කණුවක් අතර ඇති සිදුරෙන් එහා පැත්තට යෑමට උත්සහ කිරීමේදී එහි මැද සිරවී ඇති අතර දැරිය නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කළ බවත් ඇය රෝහල්ගත කිරීමේ අවශ්‍යතාවයක් නොතිබූ බවත් ඒ මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා සහ ආර්. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment