පොලිස් කතට අතවර කළ සෙවනගල ඕ අයි සී රිමාන්ඩ්

680

පොලිස් කාන්තාවකට අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (29 දා) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත භාරවීමෙන් පසු ලබන මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළේය.

මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත්තේ කේ. වී. දීපාල් නමැති පොලිස් ස්ථානාධිපතිවරයෙකි.

ඉකුත් ජනවාරි, පෙබරවාරි මාසවලදී වරින් වර මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරියට පොලිස් ස්ථානාධිපතිවරයා අතවර කළ බව කියමින් එම පොලිස් කාන්තාව කොළඹ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ලට අනුව සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු අධිකරණය හමුවේ අපේක්‍ෂිත ඇප ඉල්ලා තිබේ. එම අපේක්‍ෂිත ඇප ප්‍රතික්‍ෂේප වූ පසුව සැකකරු ඊයේ (29 දා) ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්වූ පසු අත්අඩංගුවට ගෙන ඇත.

අතවරයට ලක්වූ බව කියන විසිඑක් හැවිරිදි පොලිස් කාන්තාව පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment