වඩුන්නාගල සිදුවන්නේ කුමක්ද?

203

මෙවැනි තත්ත්වයක් උදාව පැවතෙන සමයක ඉන්දියාවත් කන්කසන්තුරයත් අතර පාරු සේවයක් ආරම්භ කිරීමට දැන් කටයුතු කර ඇත. ඒ අතර උතුර නියෝජනය කරන දේශපාලනඥයන් සහ වතුකරය නියෝජනය කරන්නන්ද කුලප්පු වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් සහ ඩග්ලස් දේවානන්දා යන දෙදෙනා පසුගියදා විශාල පිරිසක් සමග වඩුන්නාගලට පැමිණ බලහත්කාරයෙන් එයට ඇතුළුව කලබලයක් ඇති කරන්නේ තමිල්නාඩුවේ දේශපාලන පක්ෂවල අවධානය දිනා ගන්නටයි. උතුරේ හින්දු පූජ්‍ය ස්ථානයන්ට බෞද්ධයන් අතින් කෙණහිලි සිදුවනවා යැයි ප්‍රචාරය කොට අන්තවාදී දේශපාලනයක් මතු කර ගැනීම ඔවුන්ගේ අරමුණයි. මෙම බලහත්කාර ඇතුල් වීම සැළ වූ වහාම වව්නියා පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂවරයා නෙදුන්කේනි පොලිසියට වාර්තාවක් ඉදිරිපත් කර ඇත. වඩුන්නාගල බෞද්ධ සිද්ධස්ථානය සම්බන්ධයෙන් උසාවියේ නඩු හතරක් පවතින අවස්ථාවක මෙවැනි ඇතුල්වීම්කර පුරාවස්තු ආඥාපනත අනුව බෞද්ධයන්ගේ ආගමික හැඟීම් රිදවීමට හෝ ප්‍රකෝප කිරීමට හේතු වන බැවින් මෙම ඇතුල් වීම වළක්වන මෙන් ඔහු ඉල්ලා ඇත.

වඩුන්නාගල සිදුවන්නේ කුමක්ද?

නමුත් නෙදුන්කේනි පොලිසියේ ස්ථානාධිපතිද උතුර භාර නියෝජ්‍ය පොලිස්පති පියසේන අම්පාවිල මහතාද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වික්‍රමසිංහ මහතාද දෙමළ අන්තවාදී දේශපාලනඥයන්ගේ බලහත්කාරයට නැමුණු අතර කිසිවක් සිදු නොවනවා සේ බලා වුන්හ. මෙහි ප්‍රතිඵලය වූයේ වඩුන්නාගල පුරාවිද්‍යා ස්ථානයට විශාල වශයෙන් හානි පැමිණවීමයි. වඩුන්නාගල පර්වත මස්තකයේ ආකාශ චෛත්‍ය දෙකක් තිබුණු බව පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් වාර්තා කරන අතර මින් එකක් හාරා ගඩොලින් අත්තිවාරමක් බැඳ ඒ මත අලුතින් ප්‍රවාහනය කරන ලද ශිව ලිංගයක් තැන්පත් කරලීමට උත්සාහ ගත්හ. මෙම ශිව ලිංගය තැනීමට ලක්ෂ පහක මුදලක් ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයා ලබා දුන් බව වාර්තා වෙයි. එසේම වඩුන්නාගලට යන නයිනමඩු රක්ෂිත මාර්ගය ඩෝසර කොට ගස් කපා වන විනාශයක්ද කර ඇත.

වඩුන්නාගල සිදුවන්නේ කුමක්ද?

දැන් නැවත එළඹ තිබෙන්නේ කොටි ත්‍රස්තයන්ගේ හෝරාවයි. මෙවර වෙනසකට තිබෙන්නේ සංස්කෘතික ඇමැතිවරයා සහ ජනාධිපතිවරයාගේ පූර්ණ අනුග්‍රහයෙන් මෙම ජාතික උරුමයන් විනාශ කරලීමට කැස කැවීමයි. වත්මන් රජයට ජාතික උරුමයන් ගැන වගේ වගක් නැත. උතුර අන්තවාදී දේශපාලනයට යට කිරීමෙන් බලය බෙදීමට හැකි යැයි ඔවුන් සිතනවා විය හැකිය. නමුත් සිදු වනුයේ උතුරත් දකුණත් යා කළ හැකි සංස්කෘතික පාලම දෙදරා යෑමයි. මේ අවස්ථාවේදී නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොකළ පොලිස් නිලධාරීන් තම රාජකාරිය ඉටු නොකිරීම සම්බන්ධයෙන් නීතිය හමුවට පමුණුවිය යුතු බව මගේ අදහසයි. මන්ද මෙවැනි සංස්කෘතික විනාශයන් නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි බැවිනි.

මතුගම සෙනෙවිරුවන්

advertistmentadvertistment
advertistmentadvertistment