මා පාර්ලිමේන්තුවෙන් යවන්න නම් පනතක් සම්මත කර ගත යුතුයි

369

හොරෙන් රත්‍රං ගෙනා මන්ත්‍රී අලි සබ්රි රහීම් කියයි

තමා පාර්ලිමේන්තුවෙන් ඉවත්කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පනතක් සම්මත කරගත යුතු බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහිම් මහතා පවසයි. නීති විරෝධී ලෙස ඩුබායි සිට රත්‍රං සහ ජංගම දුරකථන ශ්‍රී ලංකාවට රැගෙන එද්දී අලි සබ්රි රහීම් මන්ත්‍රීවරයා කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර අනවසරයෙන් රැගෙන ආ භාණ්ඩ රාජසන්තක කෙරිණි.

මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ක්‍රියා මාර්ග ගැනීමට කථානායකවරයා කමිටුවක් පත් කළ අතර මේ පිළිබඳව අලි සබ්රි රහිම් මහතාගෙන් ඊයේ (27 දා) කරුණු විමසීමේදී ඔහු කියාසිටියේ තමා ඕනෑම ප්‍රශ්නයකට මුහුණදීමට සූදානම් බවත් පක්‍ෂයෙන් ඉවත් කළහොත් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්ය.

රටට වැඩක් කිරීමට නම් පාර්ලිමේන්තුවටම යෑමට අවශ්‍ය නැති බව ද ඉන් බැහැරව හෝ ජනතාවට සේවය කරන බව ද හෙතෙම කීවේය.
නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment