බොරුව දිනපු නිසා රට බංකොළොත් වුණා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

85

අද රට බංකොළොත් වීමට ප්‍රධානතම හේතුවක් වූයේ එක්තරා අවස්ථාවකදී බොරුව දිනපු නිසා බවත් තමන් ජනපති කළොත් වැඩ කර පෙන්වන්නම් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 99 වැනි ඡන්ම දිනයට සමගාමීව සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක සක්වල 32 වැනි වැඩසටහන යටතේ කොළඹ ටී. බී. ඡයා සහිරා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට එක්වෙමින් හෙතෙම මේ බව කී අතර එහිදී මෙසේද කීය.

අද දිනය රණසිංහ ප්‍රේමදාස දයාබර මගේ පියාගේ 99 වැනි ජන්ම දින සැමරුම. මේ සඳහා බොහෝ දෙනෙක් බොහෝ දේවල් යෝජනා කළා. ප්‍රිය සම්භාෂණ පවත්වමු කිව්වා. නමුත් අද අපි කරන්නා වූ හැම කාර්යකින්ම අපේ රටට අගයක් එකතු කරන්න වටිනාකමක් එකතු කරන්න කටයුතු කරන ප්‍රතිපත්තිය තුළ අද සතුටු වෙනවා. සක්වල තොරතුරු තාක්ෂණ ව්‍යාපාතියේ 32 වැනි පාසල ලෙස ටීබී ඡයා සහිරා විද්‍යාලය තෝරා ගෙන අද දවසේ පමණක් ලක්ෂ 10ක වටිනාකමින් යුත් පරිගණක ප්‍රින්ටර් යන්ත්‍ර, ස්මාර්ට් බෝඩ් ලබා දීලා අපේ දරු පරපුර නුතන ලෝකයේ තාක්ෂණික ජයග්‍රහණ ලබා ගත හැකි විශිෂ්ට දරු පරපුරක් බිහි කිරීමට හැකි වීම ගැන අපි සතුටට පත් වෙනවා. ඒ යෝජනාව ගෙන ඒම ගැන අපේ සමගි ජන බලවේගයේ ප්‍රධානතම වගකීම් දරන උප සභාපතිවරයකු ලෙස මුජිබර් රහුමාන් මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා. බොහෝ දෙනක් අහනවා අපරාදේ නේද කියලා මන්ත්‍රීකම නැති කර ගත්ත එක. මම කියනවා ඒක ටික කාලයයි. ඉදිරියේ දී සමගි ජන බලවේග රජයක කැබිනට් ඇමතිකෙනෙක් වෙනවා.

අද රට බංකොළොත්. හැමදෙනාම හැම තැනකම දුවනවා. ලොකුවට ප්‍රශ්න අහනවා. මොකද්ද වුණේ කියලා අහනවා. මේ මොන දේ සිදුවන්නටත් එක දෙයක් මේ රටේ ජනතාව හොඳට හිතන්න ඕන. මෙහෙම වුණේ බොරුව දිනපු නිසා. මෙහෙම වුණේ සත්‍ය පරාජය වුණ නිසා. ඉස්සරහටත් අහන්න තියන්න ඉඩ තියන්න එපා ඇයි අපිට මෙහෙම වුණේ කියලා. සමාජ මාධ්‍ය දෙස බලන්න. වැඩිපුරම වීව්ස් බෙදාහැරිම් ලයික් තියෙන්නේ මොනවටද? අර්ථවත් දේටද? එහෙම නැත්නම් මොකක් හරි පරුෂ වචන කේන්ද්‍ර කර ගත් දෙයකටද? කුණුහරුප කියා ජාති ආගම්වලට ගරහා සමගිය විනාශ කරද්දී ඒවාට වැඩි අවධානය දෙනවා. ලොකුවට තොරතුරු තාක්ෂණය ගැන පම්පෝරි ගහන රටේ දරුවන් 700ක් ඉන්න මේ පාසලේ පරිගණක 8යි තිබෙන්නේ. 6ක් කැඩිලා 2යි වැඩ. එතනට ලක්ෂ 10 පරිගණක ප්‍රින්ටර්ස් දීම සමහරුන්ට වැදගත් නෑ. ඔවුන්ට වැදගත් මඩ ගැසීම විවේචනය ඕපාදුප විහිලු තහලු විතරයි. අපිත් එහෙම ගියොත් වෙන්නේ ඇයි අපිට මෙහෙම වුනේ කියලා තමයි. අනේ අනේ කියා පසුතැවෙනවා වෙනුවට අපි තීන්දුවක් ගත්තා ඉදිරියට යන්න. බලය ඕන නෑ වැඩ කරන්න. අපි හුස්ම වැඩසටහනෙන් රෝහල් 56කටට ලක්ෂ 1719ක මෙන්ම රජයේ පසල්වලට ලක්ෂ 3442ක් වටිනා බස් රථ 72ක් දුන්නා. ඒ වගේම අද මේ 32 වැනි සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන. ලක්ෂ 279ක්.

75 වසරක ඉතිහාසය ගැන කියවන අය විරුද්ධ පක්ෂයේ ඉද්දී මුකුත් කරලා නෑ. බලය තිබුනොත් විතරයි එයාලා වැඩ කළේ. පසුගිය අවුරුද්දේ සිස්ටම් චේන්ජ් කිව්වා. මේක තමයි සිස්ටම් චේන්ජ් එක.

advertistmentadvertistment
advertistmentadvertistment