හොර පොල් කැඩූ ගාමිණීට මරු දඬුවමක් දීලා

648

ගාමිණී හිටපු හමුදා සෙබළෙකි. යුද්ධය පැවති සමයේ නිරන්තරයෙන් හමුදා සේවය අතහැර ගියේ බීමට තදින් ඇබ්බැහි වූ නිසාමය.

 වරින් වර පොලිසිය පැමිණ ඔහු කුදලාගෙන ගොස් හමුදාවට යළි භාර දුන්නත් නිවාඩු ලැබ නිවසට ආපසු ඔහු යළි රාජකාරියට යන්නේ නැත.

 කාලය ගෙවී ගියේය. යුද්ධය ද අවසන් විය. ගමේ මිනිසුන්ට පොල් කඩා දෙමින් ගාමිණී අලූත් ජීවිතයකට පණ දුන්නේ හිතුන හිතුන වෙලාවට කසිප්පු ටිකක් ගසා කාලකණ්ණි ආතල් එකක්  ගනිමිනි.

 පොල්ගස් නගින වැඬේ හැමදාමත් කරන්නට නැත. උදේම කට ගොන්නක් බීගත් පසු කිසිවකු  ගාමිණීට ගස්  නගින්න කියන්නේද නැත.

 ගාමිණී දසඅතේ කල්පනා කළේය.

 නිවසට යාබද ඕවිටේ ඇන්ටිකුසප්පු මහත්තයාගේ වත්තක පොල් වලූ ලෙළ දෙයි.

 යම් තරමකට වෙරිවී සිටි ගාමිණී මදිපාඩුවට මුදල් සෙවීමට ඇන්ටිකුසප්පුගේ වත්තට පැන්නේ රෙදි වළල්ලද රැගෙනය.

 පොල් වලූ කිහිපයක් බිම හෙළාගත් ඔහු එය කරපින්නාගෙන ගියේ කසිප්පු තිප්පළටය.

 තමන්ගේ වත්තට පැන පොල් කඩාගෙන විකුණූ පුවත ඇන්ටිකුසප්පුගෙ කනේ වැටිණ.

 ඔහු කලබල වුණේ නැත. ඊළඟ දවස එළඹිණි.

 ”ගාමිණී අපේ ගෙදර වත්තෙ පොල් ටික කඩලා දියන්කෝ” ඇන්ටිකුසප්පු ගාමිණීට කීවේ කිසිදු වෙනසක් නොපෙන්වමිනි.

 ඇන්ටිකුසප්පුගේ ගෙවත්තේ පොල් ගස් පහළොවකට බඩ ගෑ ඔහු දහසය වැනි පොල් ගසට නැග්ගේ අතට එන ගාණ ගැන ද සිතමිනි.

 එක පොල් ගහකට රුපියල් 130 කි. ඒ අනුව රුපියල් 2080 ක් අතේය.

 අන්තිම පොල් ගහේ ගෙඩිත් කඩා පොල් අතු හනසු ටිකත් බිම හෙලූ ඔහු ”ඔන්න ඉවරයි මහත්තයා” කීවේ ගහ උඩ සිටය. ”කුරුම්බා ගෙඩි තුන හතරකුත් කඩපන්” ඇන්ටිකුසප්පු කීවේ දෙකේ දෙකේ පොල්ලක් ද අතට ගනිමිනි.

 පොල් කඩා ගහ දිගේ බිමට බහින ගාමිණී ළඟට ගිය ඇන්ටිකුසප්පු දෙකේ දෙකේ පොල්ල ගෙන ගාමිණීට පොලූ පහර එල්ල කළේය.

 තෝ මගේ පොල් වත්තෙ හොරෙන් ඊයේ පොල් කැඩුවට දඬුවම තමයි මේක.

 සල්ලි දෙන්නෙත් නෑ. පළයන් යන්න ඇන්ටිකුසප්පු ගාමිණීට දඬුවම් කළේ ආයේ ඒ වරද නොකරන බවට වැඳවැටී පොරොන්දු වන අතරේය.

 – පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment