ජනපති සටන: පොහොට්ටුවට පෙති හයක්

213

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා අපේක්ෂකයන් හය දෙනකු සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඒ අනුව, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ. දිනේෂ් ගුණවර්ධන, ධම්මික පෙරේරා යන මහත්වරුන් සහ මාධ්‍ය ආයතනයක හිමිකරුවකු මෙන්ම තවත් එක් විශේෂිත පුද්ගලයකු සම්බන්ධයෙන් එලෙස අවධානය යොමුකර තිබෙන බව එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පක්ෂය නිල වශයෙන් සාකච්ඡා කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට ද මෙතෙක් පැමිණ නොමැත.

ඒ සම්බන්ධයෙන් ගනු ලබන අවසන් තීරණය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ඇතැයි ද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

එරික් ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment