ජනපති විපක්ෂය හමුවෙයි

576

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු හමුවී සාකච්ඡා කර තිබේ.පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 01දී එම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එහිදී අදහස් පළකරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ඇති සියලුම රාජ්‍ය ආයතනවල දත්ත රැස් කිරීම හා නිරීක්ෂණයට “පරිගණක යෙදුම්” නිර්මාණය කිරීම සඳහා ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවය.මෙතෙක් රාජ්‍ය ආයතන සඳහා ” පරිගණක යෙදුම් ” නිර්මාණය කිරීම පෞද්ගලික ආයතන මගින් සිදුවූ අතර ඉදිරියේ දී එම කටයුතු ඩිජිටල් ප්‍රවර්ධන නියෝජිත ආයතනය මගින් පමණක් සිදු කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment