ශිරාන් බාසික්ගේ සෝල් බීච් කුඩු කරයි

1425


ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශ ගතව සිටින ශිරාන් බාසික් නැමැත්තාට අයත් දෙහිවල පොලිස් වසමේ පිහිටි සෝල් බීච් නැමැති හෝටලය අනවසර ඉදිකිරීමක් බවට හදුනාගෙන වෙරළ සංරක්ෂණ නිළධාරීන් විසින් පොලිස් නිළධාරීන්ගේ සහාය ඇතිව අද (01දා) දින එම හෝටලයේ සියලුම අනවසර ඉදිකිරීම් සියල්ල ඉවත්කිරීමට කටයුතු කළේය.

මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී එම හෝටලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු සහ තවත් දෙදෙනෙකු රජයේ නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment