පුත්තලම කුරිඤ්ඤාපිටිය අනතුරකින් අයෙක් මරුට තවත් 7කට බරපතළ තුවාල

33

පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කුරිඤ්ඤාපිටිය ප්‍රදේශයේදී 04 දා සවස සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු එම ස්ථානයේදීම මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව කල්පිටිය පොලිසියේ රථවාහන අංශය කියයි.

පුත්තලම නගරයේ පැවැති නිදහස් දින උත්සවය නරඹා ත්‍රිරෝද රථයකින් ආපසු යමින් සිටි පිරිසක් හා කල්පිටිය ප්‍රදේශයේ සිට පැමිණි ත්‍රිරෝද රථයක් එකිනෙක වැදීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

කල්පිටිය සිට පුත්තලම දෙසට පැමිණි ත්‍රිරෝද රථයේ පිටුපස වාඩි වී සිටි පස් දෙනාගෙන් එක් අයෙක් එම ස්ථානයේදීම මිය ගියේය. අනතුරින් මියගොස් ඇත්තේ කල්පිටිය – මණ්ඩලකුඩාව පදිංචිකරුවෙකු වන කරීම් සාහිදු සාහුල් හමීඩ් (අවු:67 ) නම් අයෙකි.

මේ අනතුරින් ත්‍රිරෝද රථ දෙකේම ගමන් ගත් හත් දෙනකු බරපතළ තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා හය දෙනකු පුත්තලම රෝහලට යවා ඇත. සිද්ධිය පිළිබඳ කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

පුත්තලම නලින් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment