‘ණය හිලව්වට රට විකුණන රනිල් – රාජපක්ෂ ආණ්ඩුව පන්නමු’ මාලිමාවෙන් බදුල්ලේ විරෝධතා

91

‘ණය හිලව්වට රට විකුණන රනිල් රාජපක්ෂ ආණ්ඩුව පන්නමු’ යන මැයෙන් ජාතික ජන බලවේගය පසුගිය 30 දා ප.ව. 3.00 ට පමණ බදුල්ල නගරයේ විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්විය.

ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභික සහ හිටපු නි. ඇමැති සමන්ත විද්‍යාරත්න මහතාගේ

ප්‍රධානත්වයෙන් පැවැති එම උද්ඝෝෂණයේදී රුස්ව සිටි පිරිස දරා ගත නොහැකි විදුලි බිල, බදු බර අඩු කරනු, ජනමතයට හිස නමනු, කල්දැමු ඡන්දය වහා පවත්වනු’ යනුවෙන් සටන් පාඨ කියමින් මෙම උද්ඝෝෂණය පැවැත්වූහ.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment