පැපිලියවල කනිටු විදුහලේ තවමත් වහලය සාදා නැහැ – බලධාරීගේ අවධානයට

24

පැපිලියවල කණිෂ්ඨ විද්‍යාලයේ පුස්තකාලය සහිත පංතිකාමර ගොඩනැඟිල්ලේ වහලය මතට විශාල ගසක් කඩා වැටී දැඩි ලෙස අබලන්ව මාස පහක් පමණ කාලයක් ගතවී ඇතත් එම ගොඩනැඟිල්ලේ වහලය සෑදීමට මෙතෙක් පියවර ගෙන නැත. පුස්තකාල ගොඩනැඟිල්ලේ පොත්පත් බඩු බාහිරාදිය වැස්සට තෙමෙමින් අව්වට වේලෙමින් විනාශ වෙමින් පවතී. ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් පැමිණ පරීක්‍ෂාකර ඇස්තමේන්තු කර ප්‍රමුඛතා ලේඛනයට ද ඇතුළත් කර ඇති බව විදුහල්පතිවරයා පවසයි. මෙම විදුහලේ මේ වනවිට ළමයින් 700කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන අතර පංති කාමර ගොඩනැඟිලි අවශ්‍යතාවය ද බරපතළව පවතී.

ගොඩනැඟිල්ල අබලන්වී ඇති අයුරු ඡායාරූපයේ දැක් වේ.

පූගොඩ – සරණපාල නුවරපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment