සනත් නිශාන්තගේ රියැදුරුට ඇප

164

කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පසුගියදා සිදුවූ හදිසි අනතුරින් මියගිය හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ රියැදුරු ඇප මත මුදා හැරීමට වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (5 දා) නියෝග කර ඇත.

මෙම අනතුරින් සනත් නිශාන්ත හිටපු රාජ්‍ය ඇමැතිවරයා හා ඔහුගේ ආරක්‍ෂක නිලධාරියා මරණයට පත්වූහ.

අනතුරින් තුවාල ලැබූ රියැදුරු රාගම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුව සිද්ධිය සම්බන්ධව ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment