යුක්‍රේනය සටනේදී පොකුරු බෝම්බ යොදා ගන්නවා – ධවල මන්දිරය

455

අහසේදී කුඩා බලවත් බෝම්බ විශාල ප්‍රමාණයක් විශාල ප්‍රදේශයක් පුරා විසිරවිය හැකි ඇමරිකාවට අයත් පොකුරු බෝම්බ (ක්ලස්ටර් බොම්බ්ස්) විශේෂය යුක්‍රේනය විසින් එරට සිටින රුසියානු හමුදාවන්ට එරෙහිව භාවිත කරන බවට ඇමරිකානු ධවල මන්දිරය විසින් ප්‍රථම වරට තහවුරු කර තිබේ.

ගොඩබිම සිට හෝ ගුවනේදී විදිය හැකි පොකුරු බෝම්බයක් මගින් මුදාහැරෙන බලවත් බෝම්බ විශාල ප්‍රමාණයකට පාපන්දු පිටි විශාල සංඛ්‍යාවක ප්‍රමාණයේ භූමියක වෙසෙන සිවිල් වැසියන් මරනයට පත් කිරීමට හෝ ඔවුන්ට බරපතළ තුවාල සිදු කළ හැකි වීම නිසා රටවල් 100 කට අධික සංඛ්‍යාවක් එම බෝම්බ භාවිත කිරීම තහනම් කර තිබේ. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු යුක්‍රේනයට අවි සැපයීම දිරි ගැන්වීමේ අරමුණින් පොකුරු බෝම්බ එරටට සැපයීමට ඇමරිකාව එකඟ වී තිබේ. මෙම බලවත් බෝම්බ විශේෂය රුසියානු හමුදාවට එරෙහිව පමණක් භාවිත කරන බවට යුක්‍රේනය පොරොන්දු වී ඇති බවද වාර්තා වේ. ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රකාශක, ජෝන් කර්බි පවසා ඇත්තේ රුසියානු හමුදා රැඳී සිටින ස්ථාන ඉලක්ක කරගෙන ඵලදායි ලෙස පොකුරු බෝම්බ යොදා ගැනීමට, යුක්‍රේනයට හැකි වී ඇති බවයි.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment