යුරෝපා ගොවීන් විරෝධතාවක

226

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් ගණනාවක ගොවීන් සිය දහස් ගණනක් පෙරේදා (29දා) දිනයේ සිට අධිවේගී මාර්ග අවහිර කරමින් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා දෙන ලෙස එම රටවල රජයන්ට බලපෑම් කිරීමේ විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබේ.

ප්‍රංශ ගොවීහු විශාල පිරිසක් පැරිස් ඇතුළු ප්‍රංශය පුරා පිහිටි අධිවේගී මාර්ග අවහිර කරමින් වැඩි වෙමින් පවතින උද්ධමනයට මුහුණ දීම සඳහා තමන්ට උපකාර කරන ලෙසත්, ආනයනික භාණ්ඩ සමග තරග වැදීම සඳහාත්, ජීවනෝපාය සකස් කරගැනීම සඳහාත් උදව් කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණ පවත්වා තිබේ. ප්‍රංශ ගොවීන් ට්‍රැක්ටර් සිය ගණනක් යොදාගෙන අධිවේගී මාර්ග අවහිර කර විරෝධතාවයේ යෙදීම හේතුවෙන් විරෝධතාකරුවන් රැගත් ට්‍රැක්ටර් රථ පැරිස් හා වෙනත් ප්‍රධාන නගර වෙත ඇතුළු වීම වැළැක්වීම සඳහා 15,000ක් පමණ වන පොලිස් බලඇණියක් සීරුවෙන් තැබීමට ප්‍රංශ රජය විසින් පියවර ගෙන තිබේ. ප්‍රංශ ගොවීන් ට්‍රැක්ටර් යොදාගෙන අධිවේගී මාර්ග අවහිර කර ඇත්තේ ආනයනික ආහාර ද්‍රව්‍ය සුපිරි වෙළෙඳසල් කරා බෙදාහැරීම නැවැත්වීමට බව වාර්තා වී තිබේ.

ප්‍රංශයට අමතරව අදාළ ඉල්ලීම් මුල් කරගෙන ජර්මනිය, පෝලන්තය හා බෙල්ජියම යන රටවල ගොවීන් ද පෙරේදා සිට විරෝධතා ව්‍යාපාර දියත් කර ඇති බව වාර්තා වේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment