මුහුදට බහින ධීවර යාත්‍රාවල ආරක්‍ෂාව තහවුරු කර දෙන්න – බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලයි

52

දැනට ධීවර කටයුතුවල නියැලෙන පන්සීයකට ආසන්න බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව තහවුරු කර දෙන මෙන් සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.

හලාවත පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ත ලංකා බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් රුවන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය.

“බහුදින යාත්‍රා ඉතිහාසයේ මෙවැනි දෙයක් අපි අත්වින්ද ප්‍රථම අවස්ථාව මෙයයි. යාත්‍රාව බේරා ගැනීම විශාල ජයග්‍රහණයක්. සෝමාලි කොල්ලකරුවන් ධීවරයින් අරන් ගිහින් විවිධ වධ හිංසාවලට ලක් කරපු ප්‍රවෘත්ති අපට අහන්න දකින්න ලැබුණා. ලොරෙන්සෝ පුතා – 4 ධීවර යාත්‍රාව හා ධීවර කාර්මිකයන් නිරුපද්‍රිතව මුදාගැනීමට කටයුතු කළ ධීවර අමාත්‍යාංශයට, නාවික හමුදාවට සහ රජයටත් සීෂෙල් රාජ්‍යය ඇතුළු ඒ සඳහා දායකත්වය ලබා දුන් සියලුම පාර්ශ්වයන්ටත් අපේ හද පිරි ස්තුතිය පුද කරනවා.

වෙන්නප්පුව බහුදින යාත්‍රා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති නිමල් රන්ජන්, යාත්‍රාවේ හිමිකරු මිල්රෝයි පෙරේරා යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

අමරනන්ද විජේසේකර- මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment