කීර්තිමත් විද්වතෙක් කොමර්ෂල් බැංකුවේ සභාපති ධූරයට

680
කොමර්ෂල් බැංකුවේ නව සභාපති මහාචර්ය ඒ.කේ.ඩබ්ලිව් ජයවර්ධන මහතා (වමේ) සහ නියෝජ්‍ය සභාපති ෂාර්හන් මුහ්සීන් මහතා

කොමර්ෂල් බැංකුව 2022 මාර්තු 01 වනදා සිට සිය සභාපතිවරයා ලෙස ප‍්‍රමුඛතම විද්වතෙක් වන මහාචාර්ය ඒ.කේ.ඩබ්ලිව්. ජයවර්ධන මහතා සහ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ජාත්‍යන්තර ආයෝජන බැංකුකරුවෙකු වන ෂාර්හන් මුහ්සීන් මහතා පත්කර තිබේ.

මහාචාර්ය ජයවර්ධන මීට පෙර කොමර්ෂල් බැංකුවේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු අග විනිසුරු කේ. ශ‍්‍රීපවන් මහතා එම තනතුරෙන් විශ‍්‍රාම යාම හේතුවෙන් මහාචාර්ය ජයවර්ධන මහතා සභාපතිවරයා වීමෙන් පසුව උප සභාපති ධූරයේ ඇතිවූ පුරප්පාඩුව සඳහා මුහ්සීන් මහතා තෝරා පත්කර ගත් බව බැංකුව සඳහන් කරයි.

ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවණීය ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු මෙන්ම අධ්‍යන පරිපාලකයෙකු වූ මහාචාර්ය ජයවර්ධන මහතා 2015 අපේ‍්‍රල් මාසයේ සිට කොමර්ෂල් බැංකුවේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු මෙන්ම 2020 දෙසැම්බර් 29 වනදා සිට නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කරන ලදී. ඔහු මේ වනවිට කොමර්ෂල් බැංකුවට අනුබද්ධ සමාගමක් වන ක්‍ඊක්‍ ටෙක් සොයුලියුෂන් හි, සභාපතිවරයා ලෙසත් අධ්‍යක්ෂ මණ්ඩලයේ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ සාමාජිකයෙකු සහ සිවිල් ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන මහාචාර්ය ජයවර්ධන මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස වසර 06 ක කාලයක් සහ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිවරයා ලෙස වසර 06 ක කාලයක් මෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ ව්‍යවසායකත්ව අංශයේ මහාචාර්යවරයෙකු ලෙස වසරක කාලයක් සේවය කර තිබේ. මීට අමතරව, මහාචාර්ය ජයවර්ධන මහතා ජාතික විද්‍යා පදනමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වසර දෙකක කාලයක් කටයුතු කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment