බ්‍රැන්ඩික්ස් මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන තුළින් තවත් විශිෂ්ටයන් පිරිසකට ශිෂ්‍යත්ව

65

ශ්‍රී ලංකාවේ යොවුන් පරපුරේ අනාගතය වඩාත් යහපත් කිරීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, මෙරට ප්‍රධානතම ඇඟලු‍ම් නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන බ්‍රැන්ඩික්ස් ඇපරල් සමාගම (Brandix Apparel Ltd.), උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් තවත් සිසු සිසුවියන් පිරිසකට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය.

බ්‍රැන්ඩික්ස් මනුසත්කාර‘ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මෙය සිදුකරන ලදි.

දිවයිනේ විශ්ව විද්‍යාල 8 කට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ, ඒ සම්බන්ධ මූලික පාඨමාලාව සහ ඉංග්‍රීසි පුහුණු වැඩසටහන සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 18 දෙනෙකුට, පසුගියදා පැවති විශේෂ උත්සවකදී මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු විය.

වැලිසර බ්‍රැන්ඩික්ස් ිෆාස්ට් ෆැෂන් සෙන්ටර්’ හිදී පැවති මෙම උත්සවයට කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ සමූහ අධ්‍යක්ෂිකා නටාෂා බොරලැස්ස යන මහත්ම මහත්මීන් ප්‍රමුඛව බ්‍රැන්ඩික්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙමාපියන්, සිසු සිසුවියන් සහ ප්‍රජා නියෝජිතයන් ඇතුළු පිරිසක් එක්වූහ.

උසස් පෙළ විභාගයේදී විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පෞද්ගලික හා වෘත්තීය සංවර්ධනයට අත්වැලක් වීමේ අරමුණින් බ්‍රැන්ඩික්ස් විසින් මනුසත්කාර සරසවි ශිෂ්‍යත්ව වැඩසටහන ආරම්භ කරන ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment